වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් ඕවර 43කට සීමා වූ ලෝක කුසලාන තරගාවලියේ 15 වැනි තරගයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 245ක් රැස් කළේය.
ධර්ම්සාලාහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාව සතු වූ අතර, ඔවුහු පළමුව පන්දු රැකීමට තීරණය කළහ.
ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 82ක් තුළ බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි නායක ස්කොට් එඩ්වර්ඩ්ස් හුදෙකලා සටනක නිරත වෙමින් කණ්ඩායම ලකුණු 245ක් දක්වා ඉදිරියට රැගෙන ගියේය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ඔහු පන්දු 69කදී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 78ක් රැස් කළ අතර, මුළු ලකුණු 140 සිට ඔහුට අනගි සහායක් දුන් වෑන් ඩර් මර්වේ 8 වැනි කඩුල්ලට ලකුණු 64ක සබඳතාවක් ගොඩනැඟීය. පන්දු 19කින් ලකුණු 29ක් රැස් කළ මර්වේ දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 204ක් විය.
499