කොළඹ අපරාධ කොට්ඨාසය කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු නිලධාරින් සැකකරු සන්තකයේ තිබූ දේපළ පරීක්ෂා කරමින්
කුලියට ගත් නිවසක බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි. එම පුද්ගලයා සමඟ එම ස්ථානයේ තිබී විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 32 ක්, විවිධ පුද්ගලයන්ට අයත් ජාතික හැඳුනුම්පත් 3ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල විද්‍යාල සහ පුද්ගලික ආයතනවලට අයත් නිල මුද්‍රා 9ක්, ග්‍රාම සේවා සහතික 5 පහක් විවිධ පුද්ගලයන්ගේ උප්පන්න සහතික සහ විවාහ සහතික 9ක් පොලිස් භාරයට ගෙන ඇත. නීතිවිරෝධී අයුරින් විදේශ රැකියා නියෝජිත ආයතනයක් රාගම සිරිවර්ධන පාරේ පවත්වාගෙන යන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකකය වෙත ලද තොරතුරකට අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම නිවස රුපියල් 8,500 කුලී පදනම මත මීට මාස 6කට ඉහතදී ලබාගත් බවට ප්‍රකාශ කර ඇත.
ඉතාලිය ඇතුළු විවිධ රටවලට යවන බව පවසා සැකකරු පුද්ගලයගෙන් රුපියල් ලක්ෂ තුනේ සිට ඉහළ මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති බවට මූලික විමර්ශනයක් වලදී අනාවරණය වී යැයි වැටලීම සිදුකළ පොලිසිය පැවැසීය. නීති විරෝධීව පවත්වාගෙන ගිය මෙම රැකියා නියෝජිතායතනය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය මන්ද කරගනිමින් පුළුල් විමර්ශනයක් සිදුකරන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු හැට හතක් වන නුගේගොඩ මහර පදිංචිකරුවෙකි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත ඒකක 2හි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර් එම් රත්නමලල උප පරීක්ෂක රත්නකුමාර කොස්තාපල්වරුන් වන 91388 ලසන්ත 27151 කුමාර 109304 චන්ද්‍රසිරි මහත්වරු පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම බිමල් ජයසිංහ හල්තොට විනීතා මානෙල්