Home » RMV නියෝජ්‍ය කොමසාරිස්ට උසාවියේ පෙනී සිටින්න නියෝග
නඩුවකට අදාළ ලිපිගොනුවක් ලබා දී නෑ

RMV නියෝජ්‍ය කොමසාරිස්ට උසාවියේ පෙනී සිටින්න නියෝග

by sachintha
October 18, 2023 1:03 am 0 comment

ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් පවරා ඇති වංචා නඩුවක කාරයකට අදාළ ලිපි ගොනුවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දින ගණනාවක්ම දන්වා තිබියදී එය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධව හේතු දැක්වීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ කාර් පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයාට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට දන්වා නොතීසි යැවීමට අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේය.

එම නඩුව පෙර දින කිහිපයක්ම කැඳවූ අවස්ථාවල මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ කාර් පැවරුම් අංශයේ ලිපිකාරිනියක් අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් ප්‍රශ්න ගත කාරයට අදාළ ලිපි ගොනුව සොයා ගැනීමට නොහැකි වී ඇති බව කියා සිටියාය.

ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් ඇස් ඒ ඇස් ඇල් ගුණසේකර මහතා එම නඩුව මෝසමක් මගින් කැඳවා ප්‍රශ්න ගත කාරයට අදාළ ලිපි ගොනුව සම්බන්ධව කරනු දැක්වීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ කාර් පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා අධිකරණයට කැඳවීමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එසේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ කාර් පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයාට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට දන්වා නොතීසි යවන ලෙසට අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේය. නැවත කැදවීම නොවැම්බර් මස 06 වනදාට කල් තැබිණ.

ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් ඇස්. ඒ. ඇස්. ඇල්. ගුණසේකර මහතා ඉල්ලීම ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයවීය.

වේයන්ගොඩ විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT