677
හෝමාගම කටුවාන ශාන් රංගායතනයෙන් සාම්ප්‍රදායික උඩරට නර්තනය හැදෑරූ සිසු කුල කුමර කුමරියන් හතලිස් හත් දෙනකුට හිස වෙස් තැබීම ශීර්ෂාභරණ හා සිලම්බු පැළදවීම සහ කලඑළි මංගල්‍යය හෝමාගම ගොඩගම පුරාණ විහාරාධිපති පූජ්‍ය කොටිගල නන්ද රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේ දී ඉකුත්දා පැවැත් විණි.
එහිදී විශේෂ අවශ්‍යතා සහිත සිසු දරු දැරියන් හත් දෙනෙකුට හිස වෙස් තැබීම ශීර්ෂාභරණ හා සිලම්බු පැළදවීම සහ කලඑලි මංගල්‍ය සිදුකිරීම ද විශේෂත්වයකි.
හෝමාගම කටුවාන ශාන් රංගායතනයේ අධිපති නදීෂාන් විරාජ් මඩපාත මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
කොට්ටාව ප්‍රදීප් කුමාර