Home » දකුණේ අවතැන් වූවන්ට වයඹින් වියළි ආහාර

දකුණේ අවතැන් වූවන්ට වයඹින් වියළි ආහාර

by sachintha
October 18, 2023 1:02 am 0 comment

දකුණු පළාතට ඇද හැලුන තද වර්ෂාව හේතුවෙන් ගං වතුරින් අවතැන් වු ජනතාව වෙනුවෙන් වයඹ සිංහල වෙළඳ සංගමය හා වයඹ වෙළද සංගමය, මුස්ලිම් වෙළඳ සංගමය විසින් රුපියල් ලක්ෂ 6ක් වටිනා සහල් සහ පරිප්පු ඇතුළු වියළි ආහාර තොගයක් පසුගිය 14 දින වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා වෙත එම ආණ්ඩුකාර කාර්යාලයේ දී පරිත්‍යාග කරන ලදී. වයඹ වෙළද සංගම්වල සභාපතිවරුන් වන කීර්ති සමරනායක,සරත්
රත්නායක, එම්.වි.එම්.කීයස් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

වාරියපොල මධ්‍යම සමූහ එච්.එම්.නන්දාවතී පතිරාජ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT