මහ නා හිමියෝ ගෞරව නාම සම්මුති පත්‍රය පිළිගැන්වූ අවස්ථාව
රාමඤ්ඤ මහා නිකාය මගින් චීනයේ විහාරාධිපති නාහිමියන් වහන්සේ නමකට ගෞරව නාම ප්‍රදානය එම නිකායේ මූලස්ථානයේදී මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා 16 සිදුවිය. ලෝකත්ථචාරී ශාසන ශෝභන ලංකාභිමිත්‍ර ධම්මඝෝෂ, යන ගෞරව නාමයෙන් මෙසේ පිදුම් ලැබුවේ චීනයේ පූජියන් පළාතේ බාඕලියන් සෙන් විහාරයේ විහාරාධිපති ෂී බුං යැං නාහිමියෝ ය.
උන්වහන්සේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කරන සේවය අගයමින් මෙසේ ගෞරව නාමයෙන් පුද කරනු ලැබූහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අත්තංගනේ සාසන රතන නාහිමියෝ ප්‍රධාන මහා සංඝරත්නය ද නිකාය ආරක්ෂක සභාවේ සභාපති කරු ජයසූරිය, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමති විදුර වික්‍රමනායක ප්‍රවාහන රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න, ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.
කොටදෙනියාව සමූහ – එම්. .පුෂ්පකුමාර