ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී දැඩි විනිවිද භාවයකින් සහ අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ දැඩි අධ්‍යයනයකින් කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් බව වැඩබලන මුදල් ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය පිළිබඳ විමසා සිටි ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේ එහි ඉදිරි කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතාව (PPP) ඉදිරියට පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි. එහි දී සියලු පාර්ශ්වල යෝජනා සලකා බලමින් වඩාත් ප්‍රායෝගික ක්‍රියාවලියකට යෑමට සූදානම්.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න