කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ” ආදි ආනන්දීය 75 – 80″ කණ්ඩායම, ආදී ආනන්දීය වෛද්‍ය කවය සහ ආදී ආනන්දීය 125 සංවත්සර කණ්ඩායම විසින් 27 වැනි වරටත් සංවිධාන කරන ගුරුවරුන් සඳහාවන වෛද්‍ය කඳවුර 2023 ඔක්තෝබර් 22 වැනි ඉරිදා විද්‍යාල භූමියේ දී පැවැත්වීමට නියමිතය.
මෙම වෛද්‍ය කඳවුර වර්තමාන විද්‍යාලීය ගුරුවරුන් සඳහා මෙන්ම විශ්‍රාමික ගුරුවරුන් වෙනුවෙන් සංවිධාන කරනු ලැබේ.
විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරු 80 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන මෙම කඳවුරෙන් ගුරු මෑණිවරුන් හා පියවරුන් 300කට අධික සංඛ්‍යාවකට ප්‍රතිකාර කරනුලැබේ. මීට අමතරව මෙහිදී රුධිරය හා ඊසීජි ඇතුළු රසායනාගාර පරික්ෂාවන්, විශේෂ පිළිකා පරීක්ෂාවන්, දන්ත සායනය, ඇස් පරීක්ෂාව, භෞත චිකිත්සක ප්‍රතිකාර සහ ආයුර්වේද වෛද්‍ය සේවයක් ද පැවැත් වේ.
මේ සඳහා සියලුම වර්තමාන හා විශ්‍රාමික ගුරුභවතුන් සදහා ගෞරවයෙන් ආරාධනා කරනු ලැබේ.