Monday, April 21, 2025
Home » X පරිශිලකයන්ගෙන් ගාස්තු අයකිරීම ඇරඹෙයි

X පරිශිලකයන්ගෙන් ගාස්තු අයකිරීම ඇරඹෙයි

by yasara
October 18, 2023 12:18 pm 0 comment

X, සිය පරිශීලකයින්ගෙන් විශේෂ ගාස්තු අයකිරීමක් සිදුකිරීමට තීරණය කර තිබෙයි

ඒ අනුව ප්‍රථමයෙන් නවසීලන්තයේ සහ පිලිපීනයේ මූලික විශේෂාංග භාවිතා කරන පරිශීලකයින්ගෙන් මෙසේ ගාස්තු අයකරන බව සඳහන් වෙයි

එහිදී මූලික අත්හදා බැලීම යටතේ, පිලිපීනයේ සහ නවසීලන්තයේ නව පරිශීලකයින්ට X සමඟ සම්බන්ධ වීමට සහ එහි පළ කිරීමට සෑම වසරකම පිළිවෙලින් $0.75 සහ $0.85 ගෙවීමට සිදුවේ.
මීට අමතරව ගෝලීය වශයෙන් සියලුම නව පරිශීලකයින්ගෙන් වාර්ෂික ගාස්තු අයකිරීම සිදුකිරීමට නියමිත බවයි වාර්තා වෙයි

ගෙවීමක් නොකරන ග්‍රාහකයින් ට හැකියාව ලැබෙන්නේ පණිවුඩ කියවීම, වීඩියෝ නැරඹීම සහ වෙනත් ගිණුම් ෆලෝ කිරීම පමණි.

එමගින් ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, ස්පෑම් සහ බොට් ක්‍රියාකාරකම් අඩුකිරීම ට බලාපොරොත්තු වන බව X සමාගම පැවසීය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT