Wednesday, April 9, 2025
Home » අමෙරිකා ජනපති ඊශ්‍රායලයට

අමෙරිකා ජනපති ඊශ්‍රායලයට

by chanaka
October 18, 2023 5:20 pm 0 comment

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඔහුව පිළිගනු ලැබීය. යුධ සමයක ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින් ඊශ්‍රායලයට ගිය පළමු සංචාරය ලෙසද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ජනාධිපති ජෝ බයිඩන්, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග සාකච්ඡා පවත්වා ඇත.

ඊශ්‍ර්‍රායලයේ ආරක්ෂාවට අවශ්‍ය සියලු දේ සපයන බවට අමෙරිකානු ජනාධිපති ‌ජෝ බයිඩ්න් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවේ එහිදී සහතික වී තිබේ.

ගාසා තීරයේ සටන් ආරම්භ වූ දා සිට අවම වශයෙන් පුද්ගලයින් 3,000 ක් මිය ගොස් ඇති බව ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේය.

මේ අතර ගාසා තීරයේ -අල්-අහ්ලි අල්-අරාබි- රෝහලේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් පුද්ගලයින් 500 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ.

ගාසා තීරයේ දැවැන්ත පිපිරීම ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් සිදුවූවක් බවට හමාස් සංවිධානය සඳහන් කර ඇති නමුත් ඊශ්‍රායලය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේ ය.

ඊශ්‍රායලය පවසන්නේ පලස්තීනයේ ජිහාඩ් සංවිධානයේ අත්වැරදීමකින් මෙය සිදුවන්නට ඇති බවයි.

වෛද්‍යවරුන්, රෝගීන්, සහ කුඩා ළමුන් රැසක් මෙම පිපිරීමෙන් මියගොස් ඇතැයි සඳහන් ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT