Sunday, April 20, 2025
Home » චීනයට පැමිණි රාජ්‍යතාන්ත්‍රික අමුත්තන්ට ෂී ජින් පිං ගෙන් භෝජන සංග්‍රහයක්

චීනයට පැමිණි රාජ්‍යතාන්ත්‍රික අමුත්තන්ට ෂී ජින් පිං ගෙන් භෝජන සංග්‍රහයක්

by chanaka
October 18, 2023 11:33 am 0 comment

එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ තුන්වැනි ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයට සහභාගි වීම සඳහා චීනයට පැමිණි ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන් පිළිගැනී‍ම වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වෙයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ එම ආර්යා පෙං ලි යුවාන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය ඊයේ (17) රාත්‍රී බෙයිජිං හි මහජන මහශාලාවේ දී පැවැත්විණ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්විය.

ෂී ජින් පිං මහතා එහිදී දේශනයක් පවත්වමින් චීන රජය හා චීන ජනතාව වෙනුවෙන් සියලු සම්භාවනීය අමුත්තන් සාදරයෙන් පිළිගන්නා බව ප්‍රකාශ කළේය.“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම ක්‍රියාත්මක කොට ගෙවී ගිය වසර 10 තුළ චීනය විවිධ සහයෝගිතා හවුල්කරුවන් සමඟ ජාත්‍යන්තර වේදිකා නිර්මාණය කරමින් ලෝක ආර්ථික වර්ධනයට නව ජවයක් ලබා දී තිබෙන බව චීන ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ ඍජු ඉලක්කය වන්නේ සංවර්ධනය වන අතර, එය පොදු ජයග්‍රහණ වෙනුවෙන් පෙනී සිටී. ඉන් පොහොසත් ප්‍රතිඵල අත්පත් කළ හැක්කේ අඛණ්ඩ ස්වයං-දියුණුවකින් සහ නොනවතින ප්‍රයත්න ඔස්සේ පමණක් බව ද ෂී ජින් පිං මහතා මෙහිදී අවධාරණය කළේය.

“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ යටතේ විවිධ රටවල ඒකාබද්ධ උත්සාහයන් තුළින් මානව වර්ගයාට වඩා යහපත් අනාගතයක් නිර්මාණය වනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT