Home » ගාසා තීරයේ රෝහලකට ගුවන් ප්‍රහාර -500 ක් මරුට

ගාසා තීරයේ රෝහලකට ගුවන් ප්‍රහාර -500 ක් මරුට

by yasara
October 18, 2023 9:34 am 0 comment

ඊශ්‍රායලය ගාසා තීරයේ රෝහලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 500ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වුවද මෙම ප්‍රහාරය පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය එල්ල කළ බවටයි ඊශ්‍රායලය චෝදනා කරයි.

එම චෝදනාව ජිහාඩ් සංවිධානය ද ප්‍රතික්ෂේප කර තිබෙයි.

ගාසා තීරයේ මිලියනයකට ආසන්න පිරිසක් මේ වනවිට අවතැන්ව සිටින අතර ලක්ෂ 6ක පමණ පිරිසක් ගාසා තීරයේ උතුරු ප්‍ර දේශයෙන් දකුණු ප්‍රදේශයට ගමන් කර ඇති බවයි වාර්තා වෙයි

මේ අතර ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද අද (18 ) දිනයේ දී ඊශ්‍රායලයේ විශේෂ සංචාරයක නිරතවීමට නියමිතයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT