Home » AIA ඉන්ෂුවරන්ස් කාර්යමණ්ඩල සාමාජිකයින් ඇගැයේ

AIA ඉන්ෂුවරන්ස් කාර්යමණ්ඩල සාමාජිකයින් ඇගැයේ

by sachintha
October 18, 2023 1:02 am 0 comment

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ, 2023 වාර්ෂික ආයතනික සමුළුව නොබෝදා උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. සමාගමේ දින දර්ශකයේ ඉතාමත් වැදගත් දිනයක් ලෙස සැලකෙන මෙම සමුළුවේ දී සමාගමේ උන්නතිය වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කරන ලද, ඉහළ කාර්යසාධනයකින් හෙබි කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සම්මානනීයව අගයනු ලබයි.

ප්‍රධාන විධායක නිලධාරිනියගේ විශේෂ සම්මාන 8ක් සහ නායකත්ව සම්මාන 132ක් (Leadership Essential Awards) විශිෂ්ට කාර්යමණ්ඩල සාමාජිකයින් වෙත ප්‍රදානය කරන ලද අතර කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ දරුවන් අතරින් විශිෂ්ටතම දස්කම් දක්වන ලද දරුවා හට සුවිශේෂී සම්මානයක් වන දක්ෂතම ළමා සම්මානය ද පිරිනමන ලදී. එමෙන්ම මෙම සමුළුවේ දී 2022 වසරේ MDRT (මිලියන් ඩොලර් වට මේසය) සාමාජිකත්වය හිමිකරගත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ද ඇගැයුමට ලක්කරන ලදී.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන චතුරි මුණවීර මහත්මිය, ප්‍රධාන ඒජන්සි නිලධාරී, චානක ලියනගේ මහතා සහ අධ්‍යක්ෂ සහයෝගිතා බෙදාහැරීම්, සේනක රාජපක්ෂ මහතා සමුළුව අමතා කතා කරමින් සමාගම පසුගිය වසරේ දී අත්පත් කරගන්නා ලද කාර්යසාධන තත්ත්වයන් ඉදිරිපත් කරන ලදී.

එහිදී විශිෂ්ට දක්ෂතා දක්වමින් සමාගම වෙනුවෙන් කැපවී කටයුතු කරන ලද පුද්ගලයින් මෙන්ම කණ්ඩායම් ද විශේෂ ඇගැයුමට ලක්කරන ලදී.

මෙම සමුළුව හැසිරවීමට මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ සහකාර සාමාන්‍යාධිකාරී චලිනි ගුණරත්න මහත්මිය සහ ඒජන්සි බෙදාහැරීම් පිළිබඳ සහය අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන දිමුතු පියසේන මහතා වන අතර මෙම සමුළුවේ උත්වශ්‍රීය වඩාත් ඉහළ නැංවීමට කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් විසින් ඉදිරිපත් කරන ලද විවිධාංග කිහිපයක් සමත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT