Home » කොමර්ෂල් බැංකුව වෙරළ පිරිසිදුව පවත්වා ගැනීම ‘ලයිෆ් ටූ අවර් බීචස්’ සමඟ එක්වෙයි

කොමර්ෂල් බැංකුව වෙරළ පිරිසිදුව පවත්වා ගැනීම ‘ලයිෆ් ටූ අවර් බීචස්’ සමඟ එක්වෙයි

by sachintha
October 18, 2023 1:03 am 0 comment

කොමර්ෂල් බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා (BSL) හා එක්ව, කළුතර වෙරළ තීරයක් අපද්‍රව්‍ය සහ දූෂකවලින් තොර පෞරාණික තත්ත්වයෙන් පවත්වා ගැනීම සහතික කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

මේ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා සමඟ ‘ලයිෆ් ටූ අවර් බීචස්’ වැඩසටහනේ ආයතනික හවුල්කරුවකු ලෙස, කළුතර ‘බීච් පාර්ක්’ ප්‍රදේශයේ මීටර් 500ක කොටසක් ශුද්ධ – පවිත්‍ර කිරීම සහ නඩත්තු කිරීම උදෙසා ද අරමුදල් සපයනු ඇත. කළුතර දකුණ දුම්රිය ස්ථානය ඉදිරියෙහි මෙම ‘බීච් පාර්ක්’ ප්‍රදේශය පිහිටා ඇත.

‘ලයිෆ් ටූ අවර් බීචස්’ වැඩසටහන සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය, සමෘද්ධි දෙපාර්තමේන්තුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා ආයතනය සහ තවත් සහයෝගී ආයතන කිහිපයක් එක්ව ක්‍රියාත්මක කරනු ලබන සාමූහික ප්‍රයත්නයකි. එකතුවුණ අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සහතික කිරීම මඟින්, මෙම වැඩසටහන ජෛව විවිධත්වය සහ පරිසර සංරක්ෂණයේ ජාතික අරමුණු සඳහා දායක වෙයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් තෝරාගත් භාරකාර පවුලකට පැවරෙනු ඇත. එම වෙරළ භාරකාර පවුලට මාසික ගෙවීම්, උපකරණ සහ අනෙකුත් පරිභෝජන ද්‍රව්‍යවල පිරිවැය, වෙරළ නඩත්තු කළමනාකරණය සහ අධීක්ෂණය ද කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහයෙන් ආවරණය කෙරෙයි.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව මේ වන විට විවිධ පරිසර සංරක්ෂණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි. පානම සමුද්‍ර කැස්බෑ සංරක්ෂණ වැඩසටහන, කොග්ගල කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සහ දිඹුලාගල කඳුවැටියේ කන්දේගම වනාන්තරයට අයත් හෙක්ටයාර 100ක විනාශ වූ වාසභූමියක නැවත වනවගා ව්‍යාපෘතිය වැනි වැඩසටහන් මේ අනුව ක්‍රියාත්මක කෙරෙයි. මෙලෙස බැංකුව මේ වන විට පරිසරයට සම්බන්ධ ආයතනික සහ සමාජ වගකීම් ඇතුළත් ක්‍රියාකාරකම් රාශියකට තම සහාය ලබා දී ඇත.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ සහ ‘බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා’ සභාපති ඩිල්හාන් ප්‍රනාන්දු අතර ගිවිසුම්

හුවමාරු කරගත් ආකාරය සේයාරුවෙන් දැක්වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT