Bett Asia සම්මාන උලෙළේ හොඳම ඔන්ලයින් පාසැල් වැඩසටහන ඩී පී එඩියුකේෂන්
හොඳම දේ දරුවන්ට බව ලෙනින් පැවසුවේ එය යහපත් සමාජයක නිර්ණායකයක් විය යුතු නිසාම නොවේ. හොඳම දේ ලබා ගොඩනැඟෙන දරුවන් දිනෙක දේශයක් ගොඩනැඟීමට සමත් වන නිසාවෙනි. දිළිඳු බවින් මිදීමට තිරසර මඟක් තැනිය හැක්කේ අධ්‍යාපනයෙන් බව පවසන ධම්මික පෙරේරා මහතා ඒ වෙනුවෙන් තම ධනය සහ කාලය වැය කරමින් ගොඩනැඟූ ව්‍යාපෘතිය ඩී පී එඩ්යුකේෂන් වැඩසටහනයි.
ඩී පී එඩියුකේෂන්හි සිවුවන සාංවත්සරික සැමරුම කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී 2023 ඔක්තෝබර් 11 වන දින සවස් වරුවේ උත්සවශ්‍රීයෙන් පැවැත්වුණි. මේ සඳහා පූජ්‍ය පක්ෂය, සම්භාවනීය අමුත්තන්, දෙමවුපියන්, සිසු දරුවන් ඇතුළු 1200කට අධික පිරිසක් සහභාගි වූහ. උත්සවයේදී ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා මහතා විසින් ප්‍රධාන දේශනය සිදු කළ අතර, එහිදී තොරතුරු තාක්ෂණය ඉගෙනීමේ ඇති වැදගත්කම, අනාගතයේ රැකියා වෙළෙඳපොළෙහි ඇතිවන විශාල ඉල්ලුම හා එමඟින් ලංකාවට විදේශ විනිමය ලබාගැනීමේ හැකියාව මෙන්ම ලංකාවෙහි කේතිකරුවන් මිලියනයක් බිහිකිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව පැහැදිලි කරන ලදි. මීට අමතරව එතුමා විසින් ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමවේදය නිර්මාණය කිරීමට ඩීපී එඩියුකේෂන් හට වසර හතරකින් හැකිවුණ බව පවසන ලදි.
පසුගිය සතියේ තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Bett Asia සම්මාන උලෙළේදී ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් පවත්වාගෙන යන ඩීපී එඩියුකේෂන් වැඩසටහන ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපන වැඩසටහන වශයෙන් සම්මානයට පාත්‍ර වී තිබේ. මෙම සම්මානය පිරිනමනු ලබන්නේ පාසල් අධ්‍යාපනය නවීකරණය සඳහා නිර්මාණශීලි නවීන තාක්ෂණික විසඳුම් භාවිත කරන අධ්‍යාපන වැඩසටහන් සඳහා ය. වාර්ෂිකව පවත්වනු ලබන Bett Asia සම්මාන උළෙලේදී ආසියා පැසිෆික් කලාපය තුළ අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදු කරන අධ්‍යාපනික තාක්ෂණ ප්‍රවණතා නිර්මාණකරුවන් සහ නවෝත්පාදකයින් ඇගැයීමට ලක් කරනු ලැබේ. ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, ජපානය, කොරියාව, සිංගප්පූරුව සහ චීනය යන සෙසු තරගකරුවන් අබිබවා ඩීපී එඩියුකේෂන් ආයතනය මෙහිදී ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපන වැඩසටහන වශයෙන් පළමු ස්ථානයට පත්වීම විශේෂත්වයකි.
ලංකාව සංවර්ධනය කිරීමට නම් ඇනලොග් යුගයෙන් ඩිජිටල් යුගයකට යා යුතු බවත්, මේ වන විටත් අනෙකුත් රටවල් ඩිජිටල් යුගයකට ගොස් ඇති බැවින් තමන් ශ්‍රී ලංකාව ද ඩිජිටල් යුගයක් කරා ගෙන යාමට සූදානම් බව එතුමා විසින් තවදුරටත් පවසන ලදි. ඩීපී ඩියුකේෂන් සමඟ මාස 7ක පමණ කාලයක් අධ්‍යාපනය ලැබූ සිසුන්ට, ආයතනවලින් ඔවුන්ව රැකියා සඳහා ඇරයුම් කළ බව ද එතුමා එහිදී පවසන ලදි. ආරම්භක දේශනය ප්‍රධාන විධායක නිලධාරි කෞෂි අමරසිංහ මෙණෙවිය විසින් සිදුකරන ලදි. එහිදී ඩිජිටල් සාක්ෂරතාවෙන් යුත් ශ්‍රම බළකායක් බිහිකිරීම සහ ඔවුන් සක්‍රිය ඩිජිටල් ආර්ථිකයක රැකියා වෙළෙඳපොළට සහභාගි කරගැනීම සම්බන්ධයෙන් ඩීපී එඩියුකේෂන්හි කාර්යභාරය ගැන පැහැදිලි කෙරුණි. ආරාධිත දේශනය ශ්‍රී ලංකා ICTAහි සභාපති, හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය සහ මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මලික් රණසිංහ විසින් සිදු කරන ලදි.
උත්සවයේදී ඩීපී එඩියුකේෂන්හි නව සන්නාම කිහිපයක් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා මහතා අතින් එළිදක්වන ලදි.
ඒවා වන්නේ,
1. ඩීපී එඩියුකේෂන් නව වෙබ් අඩවිය සහ දුරකතන යෙදවුම
2. ඩීපී කිඩ්ස් දුරකතන යෙදවුම
3. ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
4. මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබාදෙන නව පාඨමාලා
5. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබාදෙන SAP Foundation පාඨමාලා
6. ඩීපී එඩියුකේෂන් භාෂා පාසල භාෂා කුසලතා වර්ධනය කරගැනීමට හෝ ගෝලීය වෙළඳපොළේ ඉහළ රැකියා අවස්ථා හිමිකර ගැනීමට අවශ්‍ය විවිධ භාෂා ඉගෙනීමට ඩීපී එඩියුකේෂන් භාෂා පාසල මඟින් සියලුදෙනාට අවස්ථාව සලසා ඇත.
7. ඩීපී එඩියුකේෂන් ඔලිම්පියාඩ් ඕනෑම අයෙකුට ජාත්‍යන්තර තරග සඳහා මෙන්ම පරිකල්පන බුද්ධිය දියුණු කරගැනීම සඳහා ඩීපී එඩියුකේෂන් වෙතින් ඔලිම්පියාඩ් ගණිතය ඉගෙනීමේ අවස්ථාව මේ හරහා උදාකර ඇත.
8. ඩීපී එඩියුකේෂන් මැජික් බිට්ස් වර්චුවල් රොබොට්ස් ඩීපී එඩියුකේෂන් හා මැජික් බිට්ස් එක්ව සජීවීව අන්තර්ජාලය හරහා රොබෝ ෆාර්ම් හි රොබෝවරුන් පාලනය කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කිරීම මෙහිදී සිදු වේ.
9. ඩීපී එඩියුකේෂන් ටිවෙට් අධ්‍යාපනය ගෝලීය රැකියා වෙෙළඳ පොළේ ඉහළ ඉල්ලුමක් ඇති රැකියා සඳහා NVQ මට්ටම් 3 සහ 4 සඳහා අවශ්‍ය වන කුසලතා වර්ධනය කරගැනීමට වෘත්තීය අධ්‍යාපන පාඨමාලා ලබා දීම මෙම සන්නාමය යටතේ සිදු වේ.
10. ඩීපී එඩියුකේෂන් සත්කාරක සේවා පාඨමාලාව ඩීපී එඩියුකේෂන් හා කේ. අයි. යූ. ආයතනය එක්ව ගෝලීය රැකියා වෙෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති සත්කාරක සේවා සැපයීම සඳහා අවශ්‍ය NVQ මට්ටම් 3 සහ 4 සුදුසුකම් ඉගැන්වීමේ තෘතීයික හා වෘත්තීය පාඨමාලාව.
ඩීපී එඩියුකේෂන් හා සහසම්බන්ධ වන මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනයට හා රූස්ටර් ටෙක්නොලොජීස් ආයතනවලට ඔවුන්ගේ හවුල්කාරීත්වය වෙනුවෙන් හා ඔවුන් නොමිලේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ලබා දෙන දායකත්වයට සම්මාන ප්‍රදානය කොට ඇගැයීමක් ද සිදු කෙරිණි.
මෙම පාඨමාලාවන් සමඟ දැනටමත් ශ්‍රී ලංකීය දරුවන් හැටදහසක් පමණ අධ්‍යාපනය ලබන අතරම ඩී පී එඩියුකේෂන් කෝඩින් පාසල් දරුවන් පරිගණක භාෂා ඇසුරින් විද්‍යුත් යෙදවුම් නිර්මාණය වැනි තාක්ෂණික කටයුතු නොමිලයේම හැදෑරීමට අවස්ථාව හිමිවී තිබේ. එපමණක් නොවේ AI තාක්ෂණය, රොබෝටික් තාක්ෂණය පිළිබඳ දැනුම ලබා ගැනීමට මෙන්ම මොරටුව විශ්වවිද්‍යාලය වෙතින් ඒ පිළිබඳ පාඨමාලාවක් හැදෑරීමටත් අවස්ථාව හිමිකර දී තිබේ.
බුද්ධිකා බ්‍රාහ්මණගේ