Wednesday, April 9, 2025
Home » ඊශ්‍රායලයේ සිටින ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් ඩොලර් 10,000ක්

ඊශ්‍රායලයේ සිටින ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් ඩොලර් 10,000ක්

by chanaka
October 18, 2023 4:21 pm 0 comment

මේවන විට ඊශ්‍රායලයේ පවතින ගැටුම් හේතුවෙන් ඇතිව තිබෙන හදිසි තත්ත්වයට මුහුණදෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්හට අවශ්‍ය කරනු ලබන පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අමෙරිකානු ඩොලර් 10,000ක මුදලක් ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දී තිබේ.

මෙම මුදල ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්හට අවශ්‍ය කරනු ලබන ආහාර, බෙහෙත් ඇතුළු අනෙකුත් සියලුම පහසුකම් සැපයිම උදෙසා ලබාදී ඇත.

එමෙන්ම ඉදිරියේදී අවශ්‍යතාවයක් මතු වුවහොත් තවදුරටත් මුදල් ලබා දීම සඳහාද විදේශ සේවා නියුක්ති කාර්යාශය විසින් මේ වන විටත් අරමුදල් වෙන් කිරීමටද පියවර ගෙන ඇති බවද සඳහන්ය.

ඊශ්‍රායලයේ සිටින ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමටත්, අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT