Home » ATM මුදල් වංචාවේ සැකකරුවන් කොටුවෙයි

ATM මුදල් වංචාවේ සැකකරුවන් කොටුවෙයි

by yasara
October 18, 2023 10:41 am 0 comment

මදුරන්කුලිය පෞද්ගලික බැංකුවකට අයත් ඒ.ටී.එම් යන්ත්‍රයකින් රුපියල් කෝටියකට වැඩි මුදලක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තුන්දෙනෙකු පුත්තලම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි

පසුගිය 08 වනදා මදුරන්කුලිය පෞද්ගලික බැංකුවකට අයත් ඒ.ටී.එම් යන්ත්‍රයකින් රුපියල් එක්කෝටි පන් ලක්ෂ හතලිස් නව දහසක් සොරකම් කර ඇති බවට පුත්තලම පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කෙරුණි

ඒ අනුව අනුරාධපුර ප්‍රදේශයේදී සැකකරුවන් තුන් දෙනෙකු පොලිසිය මගින් ඊයේ (17)  අත්අඩංගුවට ගැණිනි.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ අවුරුදු 28 /32 සහ 35 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව පොලිසිය පවසයි.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව සොරකම් කළ රුපියල් අනූ දෙලක්ෂ හැත්තෑ හත් දහසක මුදලක් ඔවුන් ලග තිබී සොයා ගත්තා.

‌මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු ඒ.ටී.එම් යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීම සඳහා සහභාගී වන පෞද්ගලික අංශ ආරක්ෂක නිලධාරීන් බව අනාවරණය වී තිබෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT