249
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංගගේ පියා වන වරුෂවිතාන බද්‍රසෝම (72) මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ආදි සිසුවකු වූ ඒ මහතා අභාවප්‍රාප්ත වූයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියදීය. අවසන් කටයුතු අද (13) පස්වරු 5.00ට අම්බලන්ගොඩ, පටබැඳිමුල්ල පොදු සුසාන භූමියේදි සිදු කෙරේ.