Wednesday, April 9, 2025
Home » ශ්‍රී ලාංකික සමාගමක් ආසියානු ඇසුරුම්කරණ විශිෂ්ටතා රන් සම්මානය දිනයි

ශ්‍රී ලාංකික සමාගමක් ආසියානු ඇසුරුම්කරණ විශිෂ්ටතා රන් සම්මානය දිනයි

by mahesh
October 13, 2023 1:00 am 0 comment

පසුගියදා තායිලන්තයේ පැවති ආසියානු ඇසුරුම්කරණ විශිෂ්ටතා සම්මාන 2023 උලෙළේදී Wide Web Flexo කාණ්ඩයේ රන් සම්මානය ශ්‍රී ලංකාවේ ඇසුරුම්කරණයේ ප්‍රමුඛයා වන ALFT Packaging ආයතනය විසින් හිමි කරගෙන තිබේ.

මේ සම්මාන උලෙළේදී සම්මානයට පාත්‍ර වූ එකම ශ්‍රී ලාංකික සමාගම ලෙස ALFT Packaging ඇසුරුම්කරණ ආයතනය කැපී පෙනෙන පිළිගැනීමකට පාත්‍ර විය. Image two ආසියානු ඇසුරුම්කරණ විශිෂ්ටතා සම්මාන උලෙළ මඟින් මේ අයුරින් වසර 20ක් පුරා ආසියානු කලාපයේ ඇසුරුම් කර්මාන්තයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ තිරසර බව අගයනු ලබයි. ALFT Packaging චීනය, ඉන්දියාව සහ තායිලන්තය සමඟ ප්‍රබල තරගයකින් අනතුරුව මේ සුවිශේෂ ජයග්‍රහණය දිනා ගැනීම විශේෂත්වයකි. කර්මාන්ත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා පුරෝගාමි භූමිකාවක් ඉටු කරන ආයතනයක් ලෙස ALFT Packaging ප්‍රසිද්ධියක් උසුලයි. එසේම ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කරමින් දිනෙන් දින ඉහළ යන පාරිභෝගික අවශ්‍යතා සපුරාලන විසඳුම් දීමෙන් ALFT Packaging අඛණ්ඩව සිය ප්‍රමිතිය පවත්වාගනියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT