Sunday, April 20, 2025
Home » විශ්ව රාජපක්ෂ නොදැවී ලකුණු 142යි
19න් පහළ සීමිත ඕවර ක්‍රිකට්

විශ්ව රාජපක්ෂ නොදැවී ලකුණු 142යි

by mahesh
October 13, 2023 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි

අන්තර් පාසල් අවුරුදු 19න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ පසුගියදා පැවති තරගයකදී පන්නිපිටිය ධර්මපාල විදුහලට එරෙහිව නොදැවී ලකුණු 142ක් රැස් කිරීමට වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විදුහලේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක විශ්ව රාජපක්ෂ සමත් විය.

පන්දු 124කට මුහුණ දුන් ඔහු හතරේ පහර 12කින් සහ හයේ පහර 7කින් සිය ඉනිම වර්ණවත් කර ගත්තේය. කෙසේ වෙතත් ඉදිරි තරග කිහිපයක් විශ්වට අහිමි වන අතර, ඔහු ඊයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමඟින් පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා පිටත්ව ගියේය.

මේ අතර තවත් තරගයකදී කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව කොළඹ සහිරා විදුහලේ ඉස්මාත් සයාන් ලකුණු 101ක් රැස් කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

මේ තරගයේදී පසුගිය වසරේ පළමු කොටස ටියර් බී අනුශූරයන් වූ තර්ස්ටන් විදුහල සහිරා විදුහලට එරෙහිව ලකුණු 2ක ජයක් හිමි කර ගත් අතර, කොළඹ මහානාම, කටුනේරිය සාන්ත සෙබස්තියන්, මීගමුව මාරිස්ටෙලා, මහනුවර විද්‍යාර්ථ සහ තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල් ද ජයග්‍රහණ වාර්තා කළේය.

තර්ස්ටන් විදුහලට

ලකුණු 2ක ජයක්

තර්ස්ටන් – 184/7 (ඕවර 30) දිනාල් ඉඳුවර 51, හරිත් ශලක 34, මුලිත මෙත්සිළු 25, තනුග පලිහවඩන 22 (ඉස්මාත් සයාන් 29/2)

සහිරා – 182/9 (ඕවර 30) ඉස්මාත් සයාන් 101 (ටලීෂ නානායක්කාර 23/3, තනුග පලිහවඩන 24/2)

මාරිස්ටෙලා විදුහලට කඩුලු 5ක ජයක්

කුරුණෑගල මලියදේව – 161 (ඕවර 42.1) චන්දුප අබේසිංහ 40, විනුක ගලප්පත්ති 35, තිවංක දිසානායක 23 (හසිඳු පෙරේරා 15/4, ඕෂධ ගිම්හාන 15/2, මිනෙත් ප්‍රනාන්දු 33/2)

මීගමුව මාරිස්ටෙලා – 164/5 (ඕවර 26.4) ඕෂධ ප්‍රනාන්දු 57, හසිඳු පෙරේරා 45, මිනෙත් ප්‍රනාන්දු 25 (තවීෂ බාලසූරිය 36/3)

කටුනේරිය සා. සෙබස්තියන් පිලට

කඩුලු 4ක ජයක්

අම්බලන්ගොඩ ධර්මාශෝක – 140 (ඕවර 41) ජිතිර හංසික 48, රන්දුල් සමරහේවා 39 (මළිඳු දහම් 23/3, මලීෂ නෙත්සර 14/2, තාරුක මනරම් 23/2)

කටුනේරිය සා. සෙබස්තියන් – 141/6 (ඕවර 28.1) හසිත් කාවින්ද 62, ශවින්ද චමෝද් 42 (ජිතිර හංසික 3/14)

ජෝසප් වාස්-ධර්මරාජ

සා. ජෝසප් වාස් – 274/8 (ඕවර 50) විශ්ව රාජපක්ෂ නොදැවී 142, කවිත් ප්‍රනාන්දු 24 (නුලාන් ලක්විඳු 43/2) එරෙහිව පන්නිපිටිය ධර්මපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT