Home » බ්‍රොයිලර් කුකුළු ලොරිය උඩුකුරිඤ්ඤං

බ්‍රොයිලර් කුකුළු ලොරිය උඩුකුරිඤ්ඤං

by mahesh
October 13, 2023 12:59 am 0 comment

පී. සෝමරත්න - මීගහතැන්න සමූහ

බ්‍රොයිලර් කුකුළන් රැගෙන යාමට බුලත්සිංහල දෙසට යමින් තිබූ ලොරි රථයක් ඊයේ (12) උදෑසන බුලත්සිංහල ඉංගිරිය මාර්ගයේ හල්වතුර දමිළ විද්‍යාලය අසලදී පාරෙන් ඉවතට පැන පෙරළී ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.

කුකුළන් ප්‍රවාහනය කරන ලොරි රථයක් කුකුළන් රැගෙන ඒමට යමින් තිබියදී රියැදුරුට වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් ලොරි රථයේ රියැදුරු තුවාල ලබා බුලත්සිංහල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය පිළිබඳ බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් අනුව රථවාහන අංශයේ ස්ථානාධිපති සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිස පරීක්ෂණ සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT