Sunday, April 20, 2025
Home » රත්නපුරේ ගැබිනි මවුවරුන් 250කට වියළි ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානයක්

රත්නපුරේ ගැබිනි මවුවරුන් 250කට වියළි ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානයක්

by mahesh
October 13, 2023 12:59 am 0 comment

කේ. ඒ. සුනිල් - කුරුවිට

රත්නපුරේ ගැබිනි මවුවරුන් 250 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කරයි.

රත්නපුර ප්‍රදේශයේ ගැබිනි මවුවරු 250 දෙනෙකු සඳහා රුපියල් 15000ක් වටිනා වියළි ආහාර සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීම පසුගියදා (11) සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර බෝධිරාජාරාමය මහා විහාරයේදී සිදු විය.

රත්නපුර ව්‍යාපාරික හා දානපති නිශාන්ත සේනාධීර මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම ප්‍රදානයන් සිදු කෙරුණු අතර, මෙහිදී තුන්වන දරු උපත බලාපොරොත්තුව සිටින මවුවරුන් සඳහා සඳහා මාස 6ක් ද, සිවුවන දරු උපත සඳහා මාස 8ක් ද, පස්වන දරු උපත සඳහා මාස 12ක් ද වශයෙන් මෙම ආහාර ද්‍රව්‍ය ගැබිනි මවුවරුන් වෙත ප්‍රදානය කිරීම වසර තුනක කාලයක සිට මාසිකව අඛණ්ඩව සිදු කරයි. අවශ්‍යතාව සහිත ගැබිනි මවුවරුන් සඳහා ද ඉදිරියේදී ද ඉල්ලුම් කළ හැක.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ, මාවෙල සුමන හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද, ව්‍යාපාරික නිශාන්ත සේනාධීර මහතාගේ බිරිය වන අනූෂා ලක්ෂ්මි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT