2023 සමස්ත ලංකා ශිෂ්‍යභට පෙරදිග තූර්ය වාදක තරගාවලියේ බාලිකා ශූරතාවය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය හිමි කරගෙන ඇත.
එම තරගාවලියේ අවසන් කඳවුරේ විසිරයෑමේ උත්සවය ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා රන්ටැඹේ දී පැවැත්විණි. සරෝජිනී තේවනායගම් අභියෝගතා ශූරතාවය සඳහා පැවැති මෙම තරගාවලියේ බාලිකා ශිෂ්‍යභට තූර්ය වාදක කණ්ඩ 18ක් සහභාගි වී සිටි අතර එහිදී ලකුණු 839.05ක් ලබා සමස්ත බාලිකා ශූරතාවය දිනා ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයත් ලකුණු 735.81ක් ලබා බාලිකා අනුශූරතාවය දිනා ගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයත් සමත් විය. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි වසන්තා කුමාරි මහත්මියගේ මඟ පෙන්වීම මත ශිෂ්‍යභට ඛණ්ඩ භාර ආචාරිනී කේ.ඩී. සුනේත්‍රා දමයන්ති මහත්මිය ද රත්නාවලී ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩායමේ නායිකා සාජන් ජයසූරිය කටයුතු කරයි.