Home » පැමිණිල්ලේ සාක්ෂි විශ්වසනීයත්වයෙන් තොරයි

පැමිණිල්ලේ සාක්ෂි විශ්වසනීයත්වයෙන් තොරයි

හෙරොයින් සැකකරුවෝ නිදොස් කොට නිදහස්

by mahesh
October 13, 2023 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16.980ක් සමඟ අත්අඩංගුවට ගත් විත්තිකරුවන් දෙදෙනකුව විත්ති වාචික නොකැඳවාම නිදොස් කොට නිදහස් කිරීමට පාණදුර මහාධිකරණ විනිසුරු කේ. ඩී. එල්. එස්. කුමාර මහතා පෙරේදා (11) නියෝග කළේය.

පින්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස 35 – 39 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු මෙසේ නිදොස් කොට නිදහස් කරන ඇත.

විත්තිකරුවන් දෙදෙනා 2014 ජූලි මස 02 වැනිදා පින්වත්ත ලෙස්ලි ගුණවර්ධන මාවතේ දී ත්‍රිරෝද රථයකින් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 980ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබූ බවත්, රජයේ රස පරීක්ෂක වාර්තාවට අනුව හෙරොයින් මත්කුඩු ප්‍රමාණයේ ශුද්ධ බර ග්‍රෑම් 6යි මිලි ග්‍රෑම් 87ක් බව අධිකරණයේදී අනාවරණය විය. පොලිස් පරීක්ෂකවරුන් වන සරත්චන්ද්‍ර සහ ටෙරන්ස් ද සිල්වා යන මහත්වරුන්ගේ සාක්කි කැඳවීමෙන් පසු පැමිණිල්ලේ නඩුව අවසන් කිරීමෙන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 200 (1) උප වගන්තිය ප්‍රකාරව කළ ඉල්ලීම සලකා බලමින් පැමිණිල්ලේ සාක්කි විශ්වසනීයත්වයෙන් තොර බව සඳහන් කරමින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT