185
මෙරට රාජ්‍ය වෘත්තීය සමිති අතර පැරණිම වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට වසර 100ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් වූ සංවත්සර උත්සවය කොළඹ ප්‍රධාන හෝටලයකදී පැවැත්විණි. 1923දී ‘සිලෝන් රේල්වේ ස්ටේෂන් මාස්ටර්ස් යූනියන්’ නමින් ආරම්භ කර ඇති එම වෘත්තීය සමිතිය පසුව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ලෙස නම් කර ඇත.
සංවත්සර උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාය. මේ 100 වැනි සැමරුමට දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ, දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සහ ලේකම් කසුන් චාමර මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වූහ.