මෙරටට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් පවතින Isolez Bio Tech Pharma සමාගම වෙත ලබාදී ඇති සියලු ඇණවුම් වහාම අත්හිටුවීමට හා අවලංගු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළේය.
සෞඛ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් අනුව අදාළ තීරණය සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා අදාළ සියලු ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දීමට පියවර ගෙන තිබේ. අදාළ ඖෂධ වංචාවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලු පරීක්ෂණ නිමා වන තෙක් මෙම සමාගම වෙත ගෙවීමට ඇති සියලු ගෙවීම් වහා ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට ද පියවර ගෙන ඇත.
අදාළ සමාගම වෙත ලබා දී ඇති ඇණවුම් මෙන්ම ලැබීමට නියමිත සැපයුම්ද මේ අනුව අත්හිටුවීමට හා අවලංගු කිරීමට ක්‍රියා කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.