1.2K
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ නව සාමදාන විනිශ්චයකාරවරුන් 692 දෙනකුගේ නාම ලේඛනය අද (13) නිකුත් කෙරෙන රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම නාම ලේඛනය සහිත ගැසට් පත්‍රය හෙට (14) දින නිකුත් වන සතිඅන්ත සිළුමිණ පුවත්පත සමඟ නොමිලයේ නිකුත් කෙරේ. ඊට අමතරව ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ශිල්පීය අංශ වෙත ඉඳුරාම නාවිකයන් බඳවා ගැනීම සඳහා වන අයැදුම්පත ද සිළුමිණ සමඟ නිකුත්වන මෙවර ගැසට් පත්‍රයට ඇතුළත්ය.