Monday, April 21, 2025
Home » නව සාම විනිසුරුවරු 692ක් නාම ලේඛනය සිළුමිණ සමඟ නිකුත් වන ගැසට් පත්‍රයේ

නව සාම විනිසුරුවරු 692ක් නාම ලේඛනය සිළුමිණ සමඟ නිකුත් වන ගැසට් පත්‍රයේ

by mahesh
October 13, 2023 12:55 am 0 comment

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ නව සාමදාන විනිශ්චයකාරවරුන් 692 දෙනකුගේ නාම ලේඛනය අද (13) නිකුත් කෙරෙන රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම නාම ලේඛනය සහිත ගැසට් පත්‍රය හෙට (14) දින නිකුත් වන සතිඅන්ත සිළුමිණ පුවත්පත සමඟ නොමිලයේ නිකුත් කෙරේ. ඊට අමතරව ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ශිල්පීය අංශ වෙත ඉඳුරාම නාවිකයන් බඳවා ගැනීම සඳහා වන අයැදුම්පත ද සිළුමිණ සමඟ නිකුත්වන මෙවර ගැසට් පත්‍රයට ඇතුළත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT