Saturday, April 19, 2025
Home » අතුරුදන් වූවන් සොයන්න ගාසා තීරයට ගිය ශ්‍රී ලංකා තානාපතිගේ ගමන නවත්වයි

අතුරුදන් වූවන් සොයන්න ගාසා තීරයට ගිය ශ්‍රී ලංකා තානාපතිගේ ගමන නවත්වයි

by mahesh
October 13, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම්වලට මැදිව අතුරුදන්වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බටහිර ගාසා ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා තානාපතිවරයාට එම සංචාරය නතර කරන ලෙස ඊශ්‍රායල් ආරක්ෂක අංශ මඟින් දැනුම්දී තිබේ. පවතින වාතාවරණය හමුවේ ආරක්ෂක අංශ මඟින් මෙසේ දැනුම් දී ඇති අතර ඒ අනුව සිය සංචාරය නවතා යළි පැමිණීමට සිදු වූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ගැටුම්වලට මැදි වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු මේ වනවිට අතුරුදන්ව ඇති බවට වාර්තාවී තිබෙන අතර එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ඇතුළු නියෝජිතයන් එම ප්‍රදේශයේ සංචාරය කිරීමට උත්සාහ ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT