Monday, April 21, 2025
Home » මහනුවර පැරණි රජ මාළිගාව අවදානමක

මහනුවර පැරණි රජ මාළිගාව අවදානමක

by mahesh
October 13, 2023 12:55 am 0 comment

අසේල කුරුළුවංශ

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට වම් පසින් පිහිටි පැරණි රජ මාළිගාව ඉදිරිපිට දිය අගල ආසන්නයේ ඉදි කෙරෙමින් පවතින පැති බැම්මට ඉහළින් වූ පස්වලින් පිරුණු කොටසක් අධික වර්ෂාවත් සමඟ පෙරේදා (11) රාත්‍රියේ කඩා වැටීමෙන් රජ මාළිගාවට යම් අවදානමක් මතුව තිබේ.

මහනුවර විෂ්ණු දේවාලය ඉදිරිපිට දේව සංහිඳ ආසන්නයෙන් දිය අගලේ පැති බැම්මේ කොටසක් මෙයට වසරකට පමණ ඉහතදී කඩා වැටිණි. එහි ඉදි කිරීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබයි. එම ඉදි කිරීම් සිදු කරන අතරතුරද පැති බැම්මේ මීටර් පහක පමණ කොටසක් මෙයට මාස හයකට පමණ ඉහතදී ද කඩා වැටිණි. මෙවර කඩා වැටී ඇත්තේ ඓතිහාසික රජ මාළිගාව ඉදිරිපස කොටසකි. මේ හේතුවෙන් රජ මාළිගාව යම් අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බැවින් අදාළ ස්ථානය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT