Home » මහර හිරගෙදරටත් ඇස් ලෙඩ

මහර හිරගෙදරටත් ඇස් ලෙඩ

by mahesh
October 13, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

මේ දිනවල පවතින ‘ඇස් රෝගය’ මහර බන්ධනාගාරයේ රැඳවූවන් අතරද පැතිර ගොස් තිබේ.

රැඳවූවන් 70 දෙනකුට පමණ මෙම ඇස් ‍රෝගය වැලඳී ඇතැයි එම බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් ‘දිනමිණට’ කීය.

ඇස් රෝගය වැලඳී ඇති රැඳවූවන් මහර බන්ධනාගාර රෝහලේ සහ තවත් සිර වාට්ටුවක වෙන් කර රඳවා ඇති අතර එම රෝගීන්ට අවශ්‍ය ඖෂධ රජයේ වෛද්‍ය සැපයුම් අංශයෙන් බන්ධනාගාරය වෙත ලබා දී ඇතැයි ද එම නිලධාරියා පැවැසීය.

බන්ධනාගාරයට රැගෙන එන රිමාන්ඩ් සැකකරුවන් වෙතින් මෙම ඇස් රෝගය බන්ධනාගාර රැදවූවන්ට බෝ වන්නට ඇතැයි විශ්වාස කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT