Saturday, April 19, 2025
Home » මන්නාරමේ වීදියකදී දැරියක් දූෂ්‍ය කර නිරුවත් ඡායාරූප අරන්

මන්නාරමේ වීදියකදී දැරියක් දූෂ්‍ය කර නිරුවත් ඡායාරූප අරන්

වයස 23, 17, 18 තරුණයෝ තුන්දෙනෙක් අත්අඩංගුවට

by mahesh
October 13, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

මන්නාරම, අම්පාල් වීදියේදී 17 හැවිරිදි දැරියක දූෂණය කර ඇගේ නිරුවත් ඡායාරූප බෙදා හැරීමට සම්බන්ධ පුද්ගලයෝ තිදෙනෙක් මන්නාරම පොලිසිය විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගනු ලැබූහ. මෙහිදී තරුණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. ඔහු ගරාජ් සේවකයෙකි. ඔහු විසින් තරුණිය දූෂණයකර ඇගෙන් රුපියල් 2000ක මුදලක් ද බලහත්කාරයෙන් ලබාගෙන ඇතැයි පොලීසිය කියයි.

දෙවැනි හා තුන්වැනි සැකකරුවන් වයස අවුරුදු 17 හා 18 යන වයස්වල පසුවන්නෝය. ඔවුන් මෙම තරුණියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් ළඟ තබාගනිමින් ඒවා බෙදා හැර ඇති බව පොලිසිය කියයි.

මෙම සැකකරුවන් තිදෙනාම මන්නාරමේ පදිංචිකරුවන්ය. ඔවුන් තිදෙනාම මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT