Monday, April 21, 2025
Home » දක්ෂිණ අධිවේගයේ නාය ගිය පස් ඉවත් කිරීම කඩිනමින්…

දක්ෂිණ අධිවේගයේ නාය ගිය පස් ඉවත් කිරීම කඩිනමින්…

by mahesh
October 13, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

නායයෑමට ලක් වූ දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව අධිවේගි මාර්ග අධ්‍යක්ෂ නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ ආර්.ඒ.ඩී කහටපිටිය මහතා පැවසීය.

නායයෑමට ලක් වූ කන්දේ අනතුරුදායක තත්ත්වයක් පවතී දැයි පරීක්ෂා කර බැලීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයෙන් විශේෂ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට කැඳවූ බව ඔහු කීය. පස් ඉවත් කිරීමේ කටයුතු අසීරු වීමට හේතුව වර්ෂාව බව අධ්‍යක්ෂකවරයා කීය. කෙසේ නමුත් කොළඹ සහ මාතර මං තීරුවල පතිතව තිබෙන සියලු පස් ඉවත් කර අධිවේගි ගමන් ගන්නා රියැදුරන්ගේ ආරක්ෂාව සියයට සියයක් තහවුරු කරන තෙක් වාහන ධාවනය සඳහා විවෘත නොකරන බව අධ්‍යක්ෂවරයා පැවසීය. නාය ගිය කොටස දර්ශනය වන ආකාරයෙන් විශේෂිත ආරක්ෂිත කැමරා සවි කර පැය 24 පුරා අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත්, ඊට අමතරව අධිවේගි මාර්ගයේ මේ ආකාරයෙන් අනතුරුදායක තැන හඳුනාගෙන පිළියම් යෙදීමට කටයුතු කරන බවත් කළමනාකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT