Wednesday, April 9, 2025
Home » භූත දොස් යවන්න ඇවිත් කතකට අතවර කරලා

භූත දොස් යවන්න ඇවිත් කතකට අතවර කරලා

by mahesh
October 13, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

නි‍ෙවසක භූත දෝෂ ඇති බව පවසා ඒවා ඉවත් කිරීමට පිරිත් පැන් ඉසීමට අවශ්‍ය බව කියමින් ඒ සඳහා නි‍ෙවසට පැමිණ නිවෙස් හිමි කතට ලිංගික අතවරයක් කළ බව කියන චීවරධාරියෙක් රස්නායකපුර පොලිසිය විසින් පසුගියදා (10) අත්අඩංගුවට ගනු ලැබුවේය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව ආඬිගම පිහිටි විහාරස්ථානයක වැඩ සිටින චීවරධාරියෙකි.

මෙම චීවරධාරියා කොටවෙහෙර අබාලේ ප්‍රදේශයේ නි‍ෙවසකට පෙරේදා පැමිණ ඇත්තේ ආධාර එකතු කිරීම සඳහාය. එහිදී නිවෙස් හිමි කතට පවසා ඇත්තේ නි‍ෙවසේ දෝෂ ඇති බවය. එම දොස් නිවාරණය කිරීමට පිරිත් පැන් ඉසිය යුතු බව පවසා පිරිත් පැන් නි‍ෙවස වටා ඉස නිවෙස් හිමි කතට පිරිත් නූල් බැඳ ඇත. එම කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇත්තේ තමාට එම අවස්ථාවේදී අතවර කළ බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT