කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ කලා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ 2022, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (11) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ දී පැවැත්විණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උලෙළ මෙවර පවත්වනු ලැබුවේ 38 වැනි වරටය.
කලාභූෂණ සම්මානය මෙරට කලාකරුවකු ලබන ඉහළම සම්මානය වන අතර දිවයින පුරා විසිරී සිටින පරිණත කලාකරුවන් 200 දෙනෙක් මෙවර කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව සම්මාන පිළිගැන්වීමට එක් වූ අතර සම්මානලාභී කලාකරුවන් සඳහා කලාභූෂණ ගෞරව නාමය, උපහාර සම්මානය, සහතික පත්‍රය සමඟ රුපියල් පනස් දහසක මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණ. සංගීතය, නර්තන, චිත්‍ර, සාහිත්‍ය, නාට්‍ය, චිත්‍ර හා මූර්ති, අධ්‍යක්ෂණය හා රංගනය ආදී වෙනත් ක්ෂේත්‍ර ගණනාවක් සඳහා කලාභූෂණ සම්මාන මෙහිදී පිරිනැමිණ.
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන මහත්මිය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූවාය. කලාකරුවන් පිළිබඳ සමරු කලාපය ද මෙහිදී ජනාධිපතිවරයාට පිළිගන්වන ලදී.
සම්මාන උලෙළ ආරම්භ කිරීමට පෙර, අභාවප්‍රාප්ත කලා ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු කලාකරුවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා උපහාර පුද කිරීම ද සිදු විය.
රඹුකන සිද්ධාර්ථ හිමි ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන් ද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක, රාජ්‍ය ඇමැති ශාන්ත බණඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සී. බී. රත්නායක, මහාචාර්ය තිස්ස විතාරණ මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන් ද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මහාචාර්ය ජේ. බී. දිසානායක, මහ භාරකාර ගිහාන් පිලපිටිය යන මහත්ම මහත්මීන් සහ විද්වතුන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. කලාකරුවන් 200 දෙනාගේ නාමලේඛනය මෙසේය.
ටී.එන්.ඩී. එස්. වීරමුණි, ආනන්ද වික්‍රමගේ, ටී.එම්. ජයරත්න, ඒ. ඉන්ද්‍රානි පෙරේරා , පර්සි ජයමාන්න, එම්. සී. වානගුරු, එන්. සරෝජනී, පී. රූපා ගෝමස්, සෝමසිරි ඉලේසිංහ, ඒ.එස්. වික්‍රමසිංහ, එම්. සුනිල් සරත් පෙරේරා, වෙන්කට්‍රාමියර් සුබ්‍රමනියම්, වී. රාමචන්ද්‍රන්, හීනටිගල ප්‍රේමදාස, එච්.එම්.ඩී. ශ්‍රියානි , එච්. ඉන්ද්‍රානී රත්නසේකර , ඒ.ඩබ්ලිව්. කුමාරසිරි, නිමල් යටිවැල්ල, ඊ. කේ. හේමතිලක බණ්ඩාර, එම්. කහවිට, වෑවල පී. ප්‍රේමදාස, මහාචාර්ය සේන නානායක්කාර, ආනන්ද සෝමතිලක, ඩබ්ලිව්. ඒ. කොල්වින් සෙට්ටිනායක, හේනේගම මාන්නගේ රෝහිත, කේ. එම්. ජයසිංහ, ආර්.ඒ. සරත් විජේසේකර, එච්.ඒ.ඩී. අප්පුහාමි, වේලාට්පිල්ලානි සිවකුමාරන්, සීලා උතයචන්ද්‍රන්, බී.ඩබ්ලිව්. උඩගම, වී. වික්‍රමසිංහ, එස්. ඩබ්ලිව්. සුරේන්දරා, ජේ. හෙන්රි, ඒ. ඒ. ගුණවර්ධන, ආර්.එම්. චන්ද්‍රදාස, එස්.වී.පී. සිරිසේන, කේ. පොඩිනේරිස්, ඩබ්ලිව්. ඒ. ධනපාල ද සිල්වා, බී. දිසානායක, එම්.ඩබ්ලිව්.ටී. වතුකාර, එම්. පියසිරි, එස්. ඒ. ශාන්තිලාල් පෙරේරා, කේ. පතිරත්න, කේ.ජී. ආරියරත්න, එම්.ඒ.ඩී. මිල්ටන් පෙරේරා, ඇන්.ඒ.පී. සුමනදාස, එස්. සොලමන් ජයරත්න, ආර්. ඩී. ගුණතිලක, කේ.පී.එන්. විජේවර්ධන, පී. සිරිසේන, එම්.පී. සුද්දනා, ආර්.පී. චූලානන්ද මයා, ඩබ්ලිව්.එච්. මෙත්තානන්ද, බී.වී. මිල්ටන් පෙරේරා, කේ.ජී. ප්‍රේමතිලක විද්‍යාරත්න, එම්.ජී. සෝමසේකර, ඩී.පී. නන්දාවතී, පී.ඩී. ගුණසේන, ඩබ්ලිව්.පී.එන්.ආර්. වීරසිංහ, ඩබ්ලිව්.එන්.එම්.ඒ. විජයකුලතිලක, ඩී.සී.ඩබ්ලිව්.එන්. මාබරණ, කේ.ඒ. ආරියදාස, පී. නිකගොල්ල, ඩී.ඩී. හේමාකුරුප්පු, ඒ.එම්. හනීෆා, ඒ.එල්.ඒ. සුබාන් අක්බාර්, එස්. තාස්ටකීර්, යූ.එල්. කලීල් රහමන්, ඒ.යූ.එල්. අරෆා උම්මා, කොබලාපිලානි කයිලාස්දන්, බාලක්‍රිෂ්ණන් රගුවරන් , මුත්තයියා ජෙගමොහාන් , මරිමුත්තු නාගලිංගම් , සතාසිවම් සරවනබවන් , විස්වාසම් ජෙගනාදන්, ඉරසු තන්ගවෙල්, පොනුත්තුරායි සිවප්පිකාසම් , පිල්ලයානිර් ක්‍රිෂ්ණනාදන්, ජේ.එම්.එස්. කරුණාතිලක, බී. පියසේන, ඩී.එම්. අබේසේන, එච්.පී. මංගල පියසේන, අභය ශ්‍රී ගුරුගේ, කේ. ඩබ්ලිව්.ඒ. නෝර්ටන් ලෙස්ලි පෙරේරා, ආර්.ඩී.පී. රණවක, එල්.ඩබ්ලිව්. සෙනරත් ශ්‍රී විජේවර්ධන, එම්.එම්. වයලට්, එන්.පී. ලීලානන්ද, කේ. පී. පියසේන කුමාරගම, ජී. ජී. කරුණාදාස, ඊ. ඒ. සිරිසේන, යූ.ඩබ්ලිව්. පීටර්, එන්. ඒ. බුද්ධදාස, ජී.එල්.එච්. සෝමපාල, සෝමසිරි සිරි ජයලත්, එස්.ඩබ්ලිව්. සුගතදාස, ටී. පියදාස, ආර්.එම්. සරත්චන්ද්‍ර බණ්ඩාර, කේ.ජී.ඒ. ඇල්බින්, කේ.ඩී.පී. ධර්මසිරි, කේ.කේ. ගුණසේන, ආර්. ආරියදාස, කේ.ඩී. සෝමපාල, එස්.එම්. අඹේපිටිය, ආර්.ඒ. උත්‍රා කුමාරි රණසිංහ, එස්.පී.ආර්. ගුණවර්ධන, කේ.එම්. චන්ද්‍රානි කුලඋතුම්, ආර්.එස්.කේ. ජයසේන, ජී.පී. සිරිපාල, නිමල්ක ජයදේව මායාදුන්න, ඩබ්ලිව්.ඒ. ආරියදාස, ඩබ්ලිව්.කේ.ජේ. පියරත්න, බී. කිංස්ලි, එම්.එම්. ජමල්ඩීන්, එම්.කේ.එම්. අෂ්වර්, ඒ. ඉසාඩීන්, ඒ.සී. රාහීන්, හාජා අලව්ඩීන්, කුමාරස්සාමි ශන්මුගම්, රාමසාමි නිත්‍යානන්දන්, පී. විජේදාස, එම්.පී. නිමල් රත්නසිරි, ආර්.කේ. අමරසිරි වඩුගේ, ඒ.බී. විජේරත්න, ජී.ඩී. චිත්‍රලතා, ටී.වයි. බාලසූරිය, යූ.ජී. ජයබන්දු, ඊ.පී.එම්. රම්බණ්ඩා, පී.කේ. නෙවිල්, ඩබ්.එම්. විජේවර්ධන වන්නිනායක, එච්.එන්. සෝමපාල, එල්.ඒ. අබේපාල, කේ. හේමපාල, කේ.ආර්. තිලකරත්න බණ්ඩා, ආර්.එම්.එස්.එම්. මීගස්මුල්ල, ඩබ්ලිව්.එම්. විජේරත්න, එම්.එෆ්. ගාමිණිරත්න, ජේ.එම්.ජී.ආර්. රූපසිංහ, එස්.ඒ. ෂෙල්ටන් සිල්වා, ඩබ්ලිව්. සිරිපාල දේශප්‍රිය, එස්. දයානි බෝයවලාන, එම්.ඒ. ජයසේන, පී.එඩ්වඩ් පීරිස්, එන්.ඒ. ගාමිණී නිශ්ශංක, කේ.බී. ලලිතා ජයසිරි, ජී. ධනපාල ප්‍රනාන්දු, එම්.ඒ.ආර්. නිහාල්, ආර්.ඒ.ඩී.බී.වයි. රණවක, එස්.එම්. චිත්‍රකාන්ත බණ්ඩාර, එස්.ඩබ්ලිව්.එම්. අබේසිංහ, ආර්.ජී.ඩබ්ලිව්. ගුණසේකර, කේ.එච්.ඒ. පෙරේරා , ඩබ්ලිව්.ආර්.එම්. වසන්ති විජේසිංහ, එල්.ජී. රංසිනා, ටී.පී.ජී. පියරත්න, පී.ඩබ්ලිව්. පියසීලි හේරත්, කේ.එච්.එම්. විජේසිරි, ඩී. කරුණාතිලක සිල්වා, ඩී.එම්. විමල්චන්ද්‍ර, සී.කේ. ජයසුන්දර, ඊ. ධර්මසිරි චන්ද්‍රාවතී, ජී.ඩබ්ලිව්. අනුර ජයන්ත, පී.ජී.ආර්. වනසිංහ, ඩබ්ලිව්.පී. ෂෙල්ටන් රණසිංහ, ඩී.එල්. යූබට් පෙරේරා, එස්.ඒ.ජේ.ඩබ්ලිව්. සමරවීර, එස්.පී. ප්‍රේමදාස, ඒ.පී. කුසුමාවතී, සී. විතානගේ, ඩී.ආර්.ඒ.එල්.එස්. රණසිංහ, ඩබ්ලිව්. ජී. චන්ද්‍රදාස, ඒ.පී. මෙන්ඩිස්, ආර්.ටී. අමරසිරි තල්ගස්පිටිය, එච්.පී. සැනී මහින්ද, ඒ.ඩබ්ලිව්. කමලා අතරගල්ල, එම්. දයානි සිසිර කාන්ති,
ඩී.ජේ.පී. කන්නන්ගර, ඩබ්ලිව්.එම්. සෙනෙවිරත්න, එස්.පී. අජිත් විමලසිරි ශිප්ලාධිපති, ඩබ්ලිව්.එම්. රුවන්ති කුසුම් විජේසිංහ, එෆ්.ආර්. ලැම්බට් පියතුමා, ඩබ්ලිව්. රංජන් තිලක් පීරිස්, එස්.ඩබ්ලිව්.එම්. අනුර දේශප්‍රිය විජේසිංහ, ඩබ්ලිව්.ඩබ්ලිව්.ආර්.ආර්.ඩබ්ලිව්.ඩම්.එම්. කාන්ති සමරනායක, ඕ. තිලකරත්න, ඒ. ජාගොඩ, ඩී. සූරියබණ්ඩාර, ඩබ්ලිව්. දයානන්ද, එච්.එම්.එස්.ජී. බණ්ඩාර, ඒ.එම්. අල්මේදා, පී.පී. මතුරනායකි, එඩ්වඩ් ඇන්ටන්, ජී. මරියනානාගම්, තේවරාජන් සුලෝචනා, ජගදේවි වික්නේෂ්වරන්, සමිත්තම්බි තිරිවෙන්සමන්, සිවරාජා නන්දිනි මහත්ම මහත්මීහු මෙහිදී කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූහ.