හදිසි අපදා තත්ත්වය හමුවේ විපතට පත් වූ මාතර දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා, සමාන්‍යාධිකාරි චමිලා ඉද්දමල්ගොඩ මහත්මිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරි මහේෂ් මෙන්ඩිස් මහතා ඇතුළු පාලනාධිකාරියෙහි මඟපෙන්වීම සහ අනුමැතිය ඇතිව පිරිනැමූ රු. ලක්ෂ 7ක පමණ වටිනාකමකින් යුතු බිත්තර 20,000ක් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ මාතර ප්‍රදර්ශනාගාර කළමනාකාර චන්දික සී. සරත්චන්ද්‍ර මහතා විසින් මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා වෙත පසුගියදා (10) මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙදී නිල වශයෙන් සංකේතාත්මකව භාර දෙන ලදි.
මාතර ආපදාවලට ලක් වූවන්ට දෙන්න ලක්ෂ 7ක බිත්තර ප්‍රදානයක්
by mahesh
October 13, 2023 1:00 am
0 comment
345
මීලඟ පුවත