Sunday, April 20, 2025
Home » කැලණි සරසවි පශ්චාත් මානව සම්පත් 16 කණ්ඩායමෙන් සුජාතා වැඩිහිටි නිවාසයට පරිත්‍යාග රැසක්

කැලණි සරසවි පශ්චාත් මානව සම්පත් 16 කණ්ඩායමෙන් සුජාතා වැඩිහිටි නිවාසයට පරිත්‍යාග රැසක්

by mahesh
October 13, 2023 12:57 am 0 comment

කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවේ 16 වන කණ්ඩායමේ සිසු සිසුවියන් පිරිසක් විසින් සංවිධාන කරන ලද විචිත්‍රවත් ධර්ම දේශනාවක් හා නේවාසික මවුවරු වෙනුවෙන් සවස තේ පැන් සංග්‍රහයක් පසුගිය අගෝස්තු 06 වැනි දින මහරගම සුජාතා වැඩිහිටි නිවාසයේදී පැවැත්විණි. පානදුර වෑකඩ සහන පදනමට අනුබද්ධිත මහරගම වත්තේගෙදර ප්‍රදේශයේ පවත්වාගෙන යන සුජාතා වැඩිහිටි නිවාසයේ නේවාසික මවුවරුන් 18ක් මේ වන විට එහි සෙවණ ලබති. පරිත්‍යාගශීලීන් විසින් ලබා දුන් ආධාර මඟින් මේ වැඩිහිටි නිවාසයේ නේවාසික මවුවරු වෙනුවෙන් අත්‍යාවශ්‍ය වූ බෙහෙත් වර්ග, වියළි ආහාර ද්‍රව්‍ය, ඇඳන් මෙට්ට, පුටු ඇතුළු ගෘහ භාණ්ඩ කීපයක් ද මෙහිදී පරිත්‍යාග කරනු ලැබීය.

කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මොහාන් දේව්දාස් මහතාගේ මඟපෙන්වීම හා උපදෙස් පරිදි මේ පරිත්‍යාග කටයුතු සංවිධාන කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT