මුලින්ම ඔබ පිළිබඳව හැඳින්වීමක් කරමු.
මම අචල කුරුකුලසූරිය. මම දැනට පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවක ජ්‍යේෂ්ඨ විධායක නිෂ්පාදකවරයෙක් විදියට වැඩ කරනවා.
ඔබ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ කොහොම ද?
මම ගුවන් විදුලි නාට්‍යය නිෂ්පාදන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ 2004 වසරේදී පමණ. ඒ වෙනකොට මම නාට්‍යය නිෂ්පාදනය පමණයි සිදු කළේ.
ඔබට මතක විදියට ඔබ නිෂ්පාදනය කළ නිර්මාණ ගණන සහ ඒ පිළිබඳ විස්තරයක් දැන ගන්න පුළුවන් ද?
මම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය යන දෙකම කරලා තියනවා නිර්මාණ හයක පමණ. නිෂ්පාදනය පමණක් කරලා තියනවා නාට්‍යය හතරක පමණ. අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය දෙකම කරපු නිර්මාණය විදියට විහාර මහා දේවී, උන්මාද චිත්‍රා, අග්නි භූමි, ලීලාවතී බිසව සහ රත්නාවලී කියන නිර්මාණ හඳුන්වන්න පුළුවන්.
ගුවන් විදුලි නාට්‍යය කර්මාන්තය පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?
වර්තමානය වෙනකොට ගුවන් විදුලි නාට්‍යය අභාවයට යනවදෝ කියලා ප්‍රශ්නාර්ථයක් මට තියනවා. මොකද මේ වෙනකොට අපිට දකින්න, අහන්න පුළුවන් වෙන්නෙ බොහොම සීමිත නිර්මාණ ප්‍රමාණයක් නිසා.
මේ දිනවලදී ඔබගේ නිර්මාණ කටයුතු කොහොම ද?
මේ දිනවලත් මම කරන්නෙ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදන කටයුතු. ඒ වගේම පෝය ගුවන් විදුලි නාට්‍යයක් කරනවා. ඒ නිර්මාණයට මට ගිය වසරේ ගුවන් විදුලි රාජ්‍යය සම්මාන උලෙළදී ප්‍රශස්ත ගුවන් විදුලි නාට්‍යය නිෂ්පාදනයට හිමි කුසලතා සහතිකය හිමි කර ගන්න පුළුවන් වුණා.
මේ ආපු ගමනට ඔබට සහයෝගය ලබා දුන් පිරිස මතක් කළොත්
සංජීව ගුණරත්න, කුල ශ්‍රී කාරියවසම්, නිලන්ත රාජේන්ද්‍ර සහ ශානුක සුරවීර යන අයව මම මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරනවා සහ මට මේ ලබා දුන් සහයෝගයට ඔවුන්ට ස්තූතිවන්ත වෙන්නත් මම මේක අවස්ථාවක් කර ගන්නවා