Home » නොමිලේ නාට්‍ය ලබන සතියේ

නොමිලේ නාට්‍ය ලබන සතියේ

by mahesh
October 13, 2023 12:59 am 0 comment

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය , ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරන 42වැනි ජාතික යෞවන නාට්‍ය උලෙළේ අවසන් වටයට තෝරා ගැණුණු නාට්‍ය ඔක්තෝබර් 16 සිට 31 දක්වා සවස 6ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. එම නාට්‍ය ප්‍රේක්ෂකයන්ට නොමිලයේ නැරඹිය හැකිය. ඒ අනුව කෙටි නාට්‍ය අංශයෙන්, 16දා චතුර ජයවර්ධනගේ Listen to me, ගයාන් සඳකැළුම්ගේ ‘ කළුවර රැඟුමක්’, පූර්ණජිත් අනුරාධගේ’ තුං තුඹ මල්’, හසින්ත මධුමල්ගේ ‘ ඒක ඉස්සර කතාවක්’ කෙටි නාට්‍ය ද 17දා ඩිල්ෂාන් තිලංකගේ ‘ටික් ටික් ද බාස්කර්’ ක්‍රිෂාන්තගේ ‘පංචාලි’ ද තිළිණි ජයමාලිගේ ‘විජය භූමි’ ද සුමුදු මධුශාන්ගේ ‘සුහුරු කිස’ ද 18දා නදුනි ධනංජිගේ ‘රතුපාට මල්’ ද සුරේෂ් මධුශානිගේ ‘Mr ගජනායක’ ද එස්. ක්ලින්ටන්ගේ ‘ මනිදි ( දෙමළ) ද දමිත් ශ්‍රී ග්‍රේෂන්ගේ ‘ ගමනක් යං’ ද 19දා දේදුනු සංගීතාගේ ‘බයිලා ගහන දවසක්’ ද චතුරංග පෙරේරාගේ Letts Marry ද කේ. චන්ද්‍රමේගන්ගේ ‘සූනියම්’ ( දෙමළ) ද කසුන් මධුසංඛගේ ‘මං ටොමී හල්ෆිගර්’ ද 20දා පැතුම් සඳනුවන්ගේ ‘පැනලා යං’ ද පංචාලි විහංගාගේ witches ද සචිනි සමෝධි කවිශල්‍යාගේ ‘ ඔරු ඌරල ( දෙමළ) ද ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාරගේ ‘කොමරේඩ්’ ද වේදිකාගත කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT