Monday, April 21, 2025
Home » කරන්දෙණිය කඳවුරෙන් පැන්නූ ටී-56 අවියත් එක්ක හමුදා සැරයන් මාට්ටු

කරන්දෙණිය කඳවුරෙන් පැන්නූ ටී-56 අවියත් එක්ක හමුදා සැරයන් මාට්ටු

by mahesh
October 13, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ, කරන්දෙණිය සමූහ - අනුරාධ ප්‍රියදර්ශන

කරන්දෙණිය කෘෂිකර්ම හා පශු සම්පත් බළකා කඳවුරෙහි අවි ගබඩාවෙන් ටී-56 අවියක් සොරාගත් යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයකු ගිනිඅවිය ද සමඟ කරන්දෙණිය පොලිසියට භාර දී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (12) අනාවරණය කළේය.

මෙම ගිනි අවිය යොදාගෙන මිනිස් ඝාතන හෝ අපරාධ සිදු කර තිබේදැයි අනාවරණය කර ගැනීමට හමුදා නිලධාරියාව රඳවාගෙන විමර්ශන පැවැත්වීමට රඳවා ගැනීමේ නියෝගයක් අධිකරණයෙන් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ගිනිඅවිය රස පරීක්ෂකට යොමු කර වාර්තාවක් ගැනීමට පියවර ගන්නා බවත් එම නිලධාරියා සඳහන් කළේය.

මෙම මාණ්ඩලික සැරයන්වරයා හමුදා කඳවුරේ හැම වැඩකටම සහයෝගය ලබා දෙන අයකු බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ. ඔහු මෙම ගිනිඅවිය සොරාගෙන ගොස් ඇතැයි ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ පසුගිය 04 වැනිදාය. යතුරුපැදියේ සඟවාගෙන ඔහු අවිය කඳවුරෙන් පිටතට රැගෙන ගොස් ඇති බවත් එදින බීමතින් සිටි බැවින් කිසිවක් මතකයේ නැති බව පවසන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙම මාණ්ඩලික සැරයන්වරයා පදිංචිව සිටින්නේ බටපොල උඩුවිල කුරක්කන්දූව ප්‍රදේශයේය. යුද හමුදා පොලිසිය මඟින් ගිනි අවිය සොයාගෙන ඇත්තේ ඔහු පදිංචි නිවෙසේ සඟවා තිබියදීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT