Home » මේ මාසයේ සූර්යග්‍රහණයක් හා චන්ද්‍රග්‍රහණයක්

මේ මාසයේ සූර්යග්‍රහණයක් හා චන්ද්‍රග්‍රහණයක්

by chanaka
October 12, 2023 5:04 pm 0 comment

මේ මාසයේ ග්‍රහණ දෙකක් සිදුවන අතර ඉන් පළමුවැන්න ඔක්තෝබර් 14 වැනිදා වළයාකාර සූර්යග්‍රහණයක් ලෙස සහ දෙවැන්න අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ඔක්තෝම්බර් 28 වැනිදා රාත්‍රියේ ඇතිවන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශ ප්‍රධාන සහ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව වලයාකාර සූර්යග්‍රහණය ඇමරිකා එක්සත් ජනපදය ප්‍රදේශ්යෙන් ඔක්තෝම්බර් 14 වැනි දින රාත්‍රී 8.34 ට ආරම්භ වන අතර, එය බ්‍රසීලය ආසන්නයේ දී ඔක්තෝබර් 15 වැනි දින අලුයම 2.25 ට අවසන් වේ. මෙම වලයාකාර සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවේ. එය දිස්වනුයේ ඇමරිකා එක්සත් ජනපදයේ සිට මෙක්සිකෝව, මධ්‍යම ඇමරිකාව, කොලොම්බියාව සහ බ්‍රසීලයේ කොටස් වලට ය.

සාමාන්‍යයෙන් සති දෙකක පරතරයක් ඇතිව එක දිගට ග්‍රහණ දෙකක් ඇතිවේ. ඒ අනුව දින 14කට පසුව ඔක්තෝබර් 28 වැනිදා රාත්‍රී 11.32 සිට අර්ධ චන්ද්‍රග්‍රහණයක් ද සිදුවනු ඇත. එය ඔක්තෝම්බර් 28 වන දින පෙ.ව. 3.56 ට අවසන් වේ.

මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව යන ප්‍රදේශවලට දැකගත හැකිය. මෙම චන්ද්‍රග්‍රහණයේ අර්ධ අවස්ථාව ඔක්තෝම්බර් 29 වැනි දින අලුයම 1.05 සිට 2.23 දක්වා ශ්‍රී ලංකාවට දර්ශනය වන අතර උපරිම ග්‍රහණය අලුයම 1.44 ට දිස් වනු ඇති බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT