Wednesday, April 9, 2025
Home » ඇළේ දිය නෑමට ගිය තරුණයා අතුරුදන්

ඇළේ දිය නෑමට ගිය තරුණයා අතුරුදන්

එකට සිටි මිතුරන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරයි

by mahesh
October 11, 2023 1:00 am 0 comment

කොටදෙනියාව සමූහ - එම්. පුෂ්පකුමාර ගම්පහ සමූහ - ටෝනි කරුණානායක

කටුවැල්ලේගම ප්‍රදේශයේ ඇළ මාර්ගයක දියනෑමට ගිය දහනව හැවිරිදි තරුණයකුගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් ඔහු සමඟ දිය නෑමට ගිය සෙසු තරුණයින් දෙදෙනාගෙන් ප්‍රශ්න කරන බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ කටුවැල්ලේගම පලුගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි පසිඳු සිල්වා නැමැති තරුණයෙකි.

තරුණයින් තිදෙනා පෙරේදා 9 පස්වරුවේ මෙම ඇළ මාර්ගයේ දිය නෑමට ගොස් ඇතැයි ද අනතුරුව දෙදෙනෙකු පමණක් ආපසු පැමිණ ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

තරුණයා අතුරුදන් බවට තොරතුරු ලද පසු ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමකදී තිදෙනා දිය නෑමට යන බවත් ආපසු පැමිණ ඇත්තේ දෙදෙනකු පමණක් බවත් හෙළිවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී සෙසු තරුණයින් දෙදෙනා මිතුරා දියේ ගසාගෙන ගිය බව පවසා ඇතත් ඒ බව කලින් හෙළි නොකිරීම ගැටලු සහගත තත්ත්වයක් බවද පොලිසිය සඳහන් කරයි.

ඊයේ 10 පස්වරුව වන විට ප්‍රදේශවාසීන් අතුරුදන් තරුණයා සෙවීමේ කටයුතුවල නියැළුණු අතර, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් යොදවා පරීක්ෂා කිරීමට කටයුතු කරන බව ද පොලිසිය කීය.

මිනුවන්ගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT