Home » ව්‍යාජ 5000 නෝට්ටු 2ක් ළඟ තබාගෙන මාට්ටු

ව්‍යාජ 5000 නෝට්ටු 2ක් ළඟ තබාගෙන මාට්ටු

by mahesh
October 11, 2023 1:00 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත් සබරගමුව සමූහ - ගාමිණී රම්‍යපාල

ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පෙරේදා 09 වැනිදා අත්අඩංගුවට ගත් බව කෑගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල මොරොන්තොට හපුවිට උඩගම පදිංචිව සිටින 31 හැවිරිදි තරුණයෙකි.

කෑගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් සම්පත් (64324) නිලධාරියාට ලද තොරතුරකට අනුව කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර රණසිංහ පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩාර (71178), චානක (90427) යන නිලධාරීන් කණ්ඩායම පෙරේදා 09 වැනිදා හපුවිට උඩගම නිවසේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු කුලී වැඩ කරන පුද්ගලයෙක් බවත් පොලිසිය පැවසීය. සැකකරුගේ මුදල් පසුම්බිය පරීක්ෂා කර ඇති පොලිසිය ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 2ක් තිබී සොයාගෙන ඇති අතර, සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත කියා ඇත්තේ තමාට මාවනැල්ලේ හිතවතෙකු ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 10ක් දුන් බවත් එම නෝට්ටුවලින් තමා ණය මුදලක් පිය වූ බවත් ඔසු සැලකින් ඖෂධ හා වෙළඳසැල්වලින් බඩු බාහිරාදිය ගත් බවට පැවසූ බව පොලිසිය පැවසීය. ඉතිරි රුපියල් 5000 නෝට්ටු දෙක මුදල් පසුම්බියේ තබා සිට ඇති බවත් පොලිසිය පැවසීය.

සැකකරු ඊයේ 10 වැනිදා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ව්‍යාජ නෝට්ටුවල ජායාරූපයක් එවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT