Home » බ්‍රිතාන්‍ය ඇමැතිනී ට්‍රවෙලියන් එයි

බ්‍රිතාන්‍ය ඇමැතිනී ට්‍රවෙලියන් එයි

by mahesh
October 11, 2023 12:55 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකා – එක්සත් රාජධානි සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් තෙදින නිල සංචාරයක් සඳහා එක්සත් රාජධානියේ ඉන්දු – පැසිෆික් කලාපය සඳහා විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ සංවර්ධන ඇමැතිනී ඈන්-මරී ට්‍රවෙලියන් මහත්මිය ශ්‍රී ලංකාවට ඊයේ (10) පැමිණියාය.

එතුමියගේ පැමිණීම එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන වසර 75ක රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ සැමරුමක් ලෙස සනිටුහන් වන අතර, ඒ මහත්මිය සිය නිලයේ කාර්යභාරය ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT