Home » කලාව රැකගැනීමේ වගකීම සියළු කලාකරුවන්ගේ වගකීමක් – අධිකරණ ඇමති

කලාව රැකගැනීමේ වගකීම සියළු කලාකරුවන්ගේ වගකීමක් – අධිකරණ ඇමති

by chanaka
October 11, 2023 9:19 pm 0 comment

ගීත නිර්මාණයෙදී ගී පද රචකයා, තනු නිර්මාපකයා සහ ගායකයා යන තිදෙනාගේම අයිතිවාසිකම් සුරක්ෂිතවන පරිදි බුද්ධිමය දේපල නීතියෙහි කෙරෙන සංශෝධන සඳහා සියළු වාදබේද අමතක කර සාමූහිකව සහයෝගය පල කල යුතු බවත් ඒ සඳහා ලැබී ඇති මෙම ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම කලාකරුවන්ගේ වගකීම බවත් අධිකරණ, බන්ධානාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ ගීත නිර්මාණයක අයිතිය පද රචකයා, තනු නිර්මාණ ශිල්පියා සහ ගායකයා යන තිදෙනාටම සම අයිතිය ඇති බුද්ධිමය දේපළක් ලෙසට ඇතුලත් වන පරිදි බුද්ධිමය දේපළ නීතිය සංශෝධනය කිරිම සඳහා පත්කරන ලද කමිටුවෙ හිතවත් සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) අධිකරණ අමාත්‍යාංශයේදී පැවති අවස්ථාවේදීය.

ඉතා සියුම් ලෙස ගැටළු දෙස බලා විෂයානුබද්ධ දැනුම ප්‍රයෝජනයට ගෙන ගැටලු විසදීම සදහා අධිකරණ අමාත්‍යවරයා ලෙස මැදිහත් වන ආකාරය පිළිබඳ මෙම කමිටුවෙහි සහ කලාකරුවන්ගේ විශේෂ ඇගයීමට ලක්විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එක් එක් පුද්ගලයන්ගේ පෞද්ගලික අභිමථාර්තයන් පසෙකලා කලාව රැකගැනීමේ වගකීම සියළු කලාකරුනගේ වගකීම බවත්මෙම ගැටළු නිරාකරනය කිරීම සඳහා තමන් මැදිහත් වනුයේ කලාකරුවන් සමග තමන්ගේ ඇති පෞද්ගලික මිතුරුකම් හෝ රුචි අරුචිකම් සලකා බලා නොව කලාව සඳහා අවංක ආදරයක් තමන්ට ඇතිනිසා බවය.

මෙම විශේෂ සාකච්ඡාව සදහා අමාත්‍යවරයාගේ ආරාධනාව පරිදි මෙම විෂයට අදාල නීති ප්‍රවීණයන් සම්බන්ධ වී සිටි අතර පැමිණ සිටි කලා කරුවන්ගෙන් ඇමතිවරයා ඉල්ලා සිටියේ ඔවුන්ගෙන් නීති උපදෙස් ලබාගනිමින් අදාල සංගම් වල තිබෙන නීති හා ව්‍යවස්ථාමය ගැටලු විසදා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාගන්නා ලෙසයි.

බුද්ධිමය දේපල නීතිය සංශෝධනය කල හැකිද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුවේ කමිටු වාර්තාව මෙහිදී වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා විසින් ගරු අමාත්‍යතුමා වෙත පිළිගන්වන ලදී.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඡායා ශ්‍රී නම්මුණි, ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී ආර්. රණවක, පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරියේ නීති නිලධාරී අමිතා ජයතුංග, ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ අධ්‍යක්ෂ සංගමය වෙනුවෙන් අචාර්ය රෝහණ වීරසිංහ, නිලාර් එම් කාසිම් යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රවීණ කලාකරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT