නමුණුකුල, මියනකදුර, දියකදුරේ බලපත්‍ර නොමැතිව හොර රහසේ මැණික් ගරමින් සිටි තරුණයන් දෙදෙනකු පෙරේදා (4) අත්අඩංගුවට ගත් බව නමුණුකුල පොලිසිය පැවසීය.
මැණික් ගැරීමට යොදාගත් අලවංගු, කැටකූඩ හා ඉල්ලම්කූරක් සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගැනුණේ නමුණුකුල, මියනකදුර කෝට්ටවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19, 21, වයසේ පසුවන දෙදෙනෙකි. නමුණුකුල පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මියනකදුරේ මෙම වැටලීම සිදු කර බලපත්‍ර නොමැතිව හොර රහසේ මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් හේසිරි, පොලිස් අධිකාරී බුද්ධික ගුණසේකර, සහකාර පොලිස් අධිකාරී දිලිප් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත නමුණුකුල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් චන්ද්‍රලාල් ජීවරත්න මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.