Monday, April 21, 2025
Home » විදෙස් අමාත්‍යවරුන් පිරිසක් බැද්දගාන තෙත් බිම් උද්‍යානයේ චාරිකාවක

විදෙස් අමාත්‍යවරුන් පිරිසක් බැද්දගාන තෙත් බිම් උද්‍යානයේ චාරිකාවක

by chanaka
October 6, 2023 2:49 pm 0 comment

ආසියා පැසිෆික් කලාපයේ පරිසර සමුළුවට පැමිණි විදෙස් අමාත්‍යවරුන් සහ නියෝජිතයින් පිරිසක් බැද්දගාන තෙත් බිම් උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක අද (06) නිරත විය. ‍

05 වන ආසියා පැසිෆික් කලාපයේ පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුව ඔක්තෝබර් මස 03 වැනිදා සිට 6 වැනිදා දක්වා මෙරටදී පැවැත්වේ. මෙම නියෝජිතයින් පිරිස බැද්දගාන තෙත් බිම් උද්‍යානයට පැමිණියේ ඊට සමගාමීවයි.

මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ පරිසර අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූ දර්ශන අංශය එක්වයි. බැද්දගාන තෙත් බිම් උද්‍යානය පිළිබදව සහ තෙත්බිම්වල ශාක හා සත්ත්ව ප්‍රජාව පිළිබදව මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන් විසින් මෙම නියෝජිත පිරිස දැනුවත් කෙරිණ.

පරිසර අමාත්‍යංශයේ අතිරේක ලේකම් පද්මා අබේකෝන්, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (උපදේශන) ආනන්ද සමරසිංහ, අධ්‍යක්ෂ (පරිසර හා භූ දර්ශන) චන්දනා කලුපහන යන මහත්ම මහත්මීන් සහ නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT