ටවර් නාට්‍ය හා රංගකලා පාසල මඟින් පවත්වාගෙන යනු ලබන, නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිමකළ 2020/21 අධ්‍යයන වර්ෂයේ සිසු සිසුවියන් 34 දෙනකු සඳහා ඩිප්ලෝමා සහතික ප්රදානය කිරීම සවිසිරිපාය ශ්‍රවණාගාරයේ දී ඊයේ(05) සිදු කෙරිණි.
විශේෂ කුසලතා දැක්වූ ඩිප්ලෝමාධාරීන් වෙත පදක්කම් පිරිනැමීමක් ද මෙහිදී සිදු කළ අතර, මහීපාල මුදලිගේ සිතුම් විහාරා මෙනවිය විසින් සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාර අනුස්මරණ පදක්කම දිනාගනු ලැබූ අතර, නීතිඥ ජෝන් ද සිල්වා අනුස්මරණ පදක්කම හිමිකරගනු ලැබූයේ අමරසිංහ කංකානම්ගේ ගීතානි භාග්‍යා අමරසිංහ මෙනවියයි. කළුදේව දුලංජලී පවිත්‍රා ද සිල්වා මෙනවිය විසින් නීතිඥ චාල්ස් ඩයස් අනුස්මරණ පදක්කම දිනාගනු ලැබූ අතර, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර අනුස්මරණ පදක්කම හිමිකරගනු ලැබූයේ සිංහලගේ චමෝදි ජයනන්දිමා සචිනි ප්‍රේමරත්න මෙනවියයි. 2020/21 අධ්‍යයන වර්ෂයේ දක්ෂතම විද්‍යාර්ථයාට හිමි පදක්කම මෙවර දිනාගනු ලැබූයේ කපුගේ නතාෂා ගයත්‍රී මෙනවියයි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත් වූ අතර, “වර්තමාන ශ්‍රී ලාංකේය අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින අර්බුධ හමුවේ නාට්‍ය හා රංගකලා ගුරුවරයෙකු සතු වගකීම“ යන මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වනු ලැබූයේ මහාචාර්ය ප්‍රණිත් අබේසුන්දරයන් විසිනි.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම් (සංවර්ධන), කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පිඨයේ ද්විතීයික හා තෘතීයික අධ්‍යාපන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ඩබ්.එම්.එස්. වනසිංහ,නාට්‍ය හා රංගකලා පාසලේ අධ්‍යයන කලමනාකරණ මණ්ඩල සාමාජිකයින් වන මහාචාර්ය ගාමිණී දෑල බණ්ඩාර, මහාචාර්ය අනුර වික්‍රමසිංහ, මහාචාර්ය ටියුඩර් වීරසිංහ, මහාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව යන මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.