ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍රා හා සමාජීයවිද්‍යා පීඨයේ සම අවස්ථා කේන්ද්‍රෙය් ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතා ඒකකය මඟින් පළමුවරට සංවිධාන කරනු ලබන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය මෙම 12 දා පෙරවරු 9ට උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම්.මානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ පීඩාධිපති මහාචාර්ය ශිරන්ත හීංකෙන්ද මහතාගේ සහභාගීත්වයෙන් විශ්වවිද්‍යාලයීය සනාතන සභාසද්මයේදී පැවැත්වේ.
ජපානයේ හිරෝෂීමා විශ්වවිද්‍යාලයේ ආචාර්ය අකිකො නකයමා විසින් පවත්වනු ලබයි. ආරම්භක සැසියේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, සම්මානිත ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක, කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සහ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්ම මහත්මීහු දේශන පවත්වති.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මූලික කර ගනිමින් අධ්‍යාපනය, සෞඛ්‍ය, සංස්කෘතිය, දේශපාලනය, ලිංගිකත්වය යනාදී තේමා ඔස්සේ පර්යේෂණ පත්‍රිකා රැසක් මෙම 12- 13 දිනවල ඉදිරිපත් කෙරේ. මෙහි පර්යේෂණ ඉදිරිපත් කරන පර්යේෂකයන්ගේ පර්යේෂණ සංක්ෂිප්ත පසුව සම්පූර්ණ පර්යේෂණ ලිපි එකතුවක් සකස් කොට සඟරාවක් ද සම්පාදනය වේ. එසේම පීඨය මඟින් හඳුන්වා දී ඇති පුමිතිරි විද්‍යුත් සඟරාවේ තෙවැනි කලාපය ද මෙදින එළිදැක්වීමට නියමිතය.