මේ වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා නෝර්වේජියානු සාහිත්‍යධර ජොන් ෆොසේ තෝරා ගත් බව නොබෙල් ත්‍යාගලාභීන් තෝරාගනු ලබන ජූරිය ඊයේ නිවේදනය කළේය. ප්‍රකාශ කළ නොහැකි බොහෝ කරුණුවලට සිය නාට්‍ය හා ගද්‍ය නිර්මාණ තුළින් හඬ ලබාදීම වෙනුවෙන් ඔහු මේ ත්‍යාගයට තෝරාගනු ලැබුවේ නොබෙල් ත්‍යාග නිර්මාතෘ ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් ප්‍රකාශ කරනු ලැබූ පරිදි ගෞරවනීය ත්‍යාගය ලැබිය යුතු වන්නේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ විඥානවාදී දිශාවකට වඩාත්ම සුදුසු නිර්මාණ ඉදිරිපත් කළ පුද්ගලයාට බැවින් ඒ සඳහා ජොන් ෆොසේ තෝරාගත් බව ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවරදී නොබෙල් ජූරි සභාව ප්‍රකාශ කර තිබේ.
මෙවර නොබෙල් ත්‍යාග මාලාවේ වඩාත්ම අවධානය යොමු වූ සාම ත්‍යාගය අද (6) ප්‍රකාශයට පත් කරන බව වාර්තා වන අතර, ලබන 9 වැනිදා ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය නිවේදනය කරනු ලබන බව වැඩිදුරටත් සඳහන් වේ.
වසර1896 දී මෙලොවින් සමුගත් කීර්තිමත් නව නිපැයුම්කරු ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කරමින් වාර්ෂිකව සිදු කෙරෙන මේ ත්‍යාග ප්‍රදානය ලබන දෙසැම්බර් මස 10 වැනිදාට යෙදී ඇති නොබෙල්ගේ අනුස්මරණ දිනයේදී පැවැත්වේ. ත්‍යාගලාභීන්ට එදින නොබෙල් ත්‍යාගය සමඟ සහතිකයක්, රන් පදක්කමක් සහ ඩොලර් මිලියනයක් බැගින් චෙක්පත් ද පිරිනැමිමට නියමිතය.